“මම බයිසිකලයෙන් 6.20ට විතර පාර පැත්තට ගියා. දඩාස් ගාලා ශබ්දයක් ඇහුණා. කවුරුන් හෝ වාහනයක හැපෙන්න ඇතැයි කියද්දි හිතුණා. පාර පැත්තේ හිටපු සෙනග ශබ්දය ඇහුණු පැත්තට දුවන්න ගත්තා. මමත් බයිසිකලය නතර කරලා ඒ පැත්තට දිවුවා. කවුරුන් හෝ වාහනයක වැදිලා හිටිය නිසා සෙනග ඒ අය ඔසවා ගන්නවා මා දුටුවා. ඒ මගේ බිරිඳගේ නංගි බව අදුර ගත්තා. මම දරුවා සෙව්වා.  දරුවා පේන්න හිටියේ නැහැ යැයි විශ්‍රාමික යුද හමුදා සෙබළ කේ.ඒ. රංජිත්  අනුර කුරුවිට (43) මහතා පැවැසීය.  මහව බලල්ල දේවාල පාරට ආසන්නයේදී පාර මාරු වෙමින් සිටි මවක හා පුතකු කැබ් රථයකට යට වී එම ස්ථානයේදීම මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් 45 නැගෙනහිර  කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ඩබ්.එම්. රත්නායක මහතා ඉදිරියේ සාක්කි දෙමිනි. අනුර කුරුවිට යන අය එසේ කීය.



නංගී හා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව සාක්කිකරු පැවැසීය.  මෙම අනතුරින් මියගොස් ඇත්තේ නිවස ඉදිරිපිට වෙළෙඳසලකට ගොස් ආපසු නිවසට එමින් සිටි ඊ.එම්. අයිරාංගනී ඒකනායක (32) නමැති මව හා කේ.ඒ. ධනුජ යොහාන් කුරුවිට (03) නමැති දරුවාය.  සාක්කිකරු මෙසේද කීය.  මම කැබ් එක පරික්ෂා කළා. කැබ් එක  ඇතුළේ බියර් ටීන් අටක් දහයක් පමණ තිබුණා. පසුව මම දැන ගත්තා එම කැබ් එකේ නංගිත් දරුවත් හැප්පුන බව.  කැබ් එකේ බියර් ටීන් තිබුණ නිසා රියැදුරා බියර් බීලා ඉන්න ඇතැයි සැක කරනවා.   මියගිය කාන්තාවගේ සැමියා වන සියඹලාගස් දෙවට පාර, පහල බලල්ල ලිපිනයෙහි පදිංචි කුරුවිට ආරච්චිගේ ආසිරි ප්‍රියදර්ශන කුරුවිට (30 මෙසේ කීය.


“මා යුද හමුදා සෙබළකු වශයෙන් සේවය කරනවා. අනතුරින් මිය ගොස් ඇත්තේ මාගේ  නීත්‍යනුකූල බිරිඳයි. අප විවාහ වී දැනට වසර 09ක් වෙනවා. අපිට පිරිමි දරුවන් දෙදෙනකු ඉන්නවා. කුඩා දරුවා සහ මාගේ බිරිය ඉකුත් 15 වැනිදා රිය අනතුරකින් මියගොස් සිටිනවා. දැනට එම සිරුරු මහ දිසා රෝහලේ මෘත ශරිරාගාරයේ තැත්පත් කර තිබෙනවා. ඉකුත් 09 වැනිදා නිවාඩු අවසන් වී මා සේවයට ගියා. මා සේවය කරන්නේ මුලතිව් කඳවුරේ. බිරිය සහ දරු දෙදෙනා ගෙදර සිටිනවා.  දරුවන් බලා ගන්නේ බිරිය විසිනි. ඊයේ සවස 07.30 ට පමණ අපේ බාප්පා කෝල් එකක් දීලා කිව්වා මගේ බිරිඳ සහ පොඩි පුතා රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ඇතුළත් කරලා  කියලා.


එම පණිවිඩය ලැබීමත් සමඟ මම නිවාඩු ලබා ගෙදර  ආවා. අපේ ගෙදර නෑදෑයන් පිරිලා හිටියා. ටික වේලාවකින් මට දැනගන්න ලැබුණා මගේ 
බිරිඳත් පොඩි දරුවාත් මිය ගිහින් කියලා. 16 වැනිදා මහ රෝහලට පැමිණ බිරිය සහ දරුවාගේ සිරුරු හඳුනාගත්තා. රිය අනතුර හේතුවෙන් බිරිඳත් දරුවාත් මිය යන්න ඇතැයි විශ්වාස කරනවා. මරණ පිළිබඳ වෙනත් සැකයක් නෑ. අවසාන වරට මා ඉල්ලා සිටින්නේ මගේ බිරියත් දරුවාත් වෙනුවෙන් සාධාරණ අධිකරණ තීන්දුවක් ලබා දෙන ලෙසට" යැයි පැවැසීය. මියගිය අයිරාංගනීගේ වැඩිමල් සොහොයුරු   වන වටරැක, ඉගුරුවත, මාවතගම ලිපිනයෙහි  පදිංචි ව්‍යාපාරික ඊඑම්.නුවසිරි එකනායක (39) සාක්ෂි දෙමින් මෙසේ කීය.

මීට දින 03 කට පෙර මම නංගිලාගේ ගෙදර ආවා. ඒ එනකොට නංගිගේ සැමියා රැකියාවට ගිහින් තිබුණා. ඒ වෙනකොට නංගීත් දරුවන් දෙදෙනාත් හොඳින් සිටියා. ඊයේ සවස මම වැඩ ඇරිලා එනකොට සවස 07.00 ට විතර ඇති. ටික වේලාවකින් මගේ ලොකු නංගිගේ මහත්තයා කෝල් එකක් දීලා කිවුවා නංගීත්  දරුවාත් අනතුරකට ලක්වෙලා ඉක්මනට එන්න කියලා.  08.00ට පමණ වන විට මම බලල්ලේ නංගිලාගේ ගෙදරට ආවා. නංගිගේ ගෙදර  සෙනග පිරිලා හිටීයා. මට දැනගන්න ලැබුණා නංගිත් දරුවාත් මියගිහින් කියලා. 6 වැනිදා මහව රෝහලට පැමිණ සිරුරු හඳුනාගත්තා. රිය අනතුරින් නංගීත් දරුවාත් මිය යන්න ඇතැයි සිතනවා. වෙනත් සැකයක් නෑ.මෙම මරණ පිළිබඳ සාධාරණයක් ඉටු කරල දෙන  ලෙස අධිකරණ අංශවලින් ඉල්ලනවා. මහව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතාගේ නියෝගයකට අනුව මහව දිස්ත්‍රික්  වෛද්‍ය නිලධාරී ආර්.එම්. රත්නායක මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළ අතර, හදිසි මරණ පරික්ෂණය හදිසි මරණ පරික්ෂක 45 නැගෙනහිර කෝරළය දකුණ ඩබලිව්.එම්. රත්නායක මහතා විසින් සිදු කරනු ලැබීය.


-අනිල් ගාමිණි-