ශ්‍රී ලංකා ජනාධිපතිගේ විශේෂ ඉල්ලීම පරිදි කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වී මියයන ශ්‍රී ලංකා  මුස්ලිම්වරුන්ගේ දේහයන් සඳහා මාලදිවයින තුළ
ඉස්ලාමීය ආගමේ කටයුතු අනුව අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට පහසුකම් සලසන ලෙස මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බව මාලදිවයිනේ විදේශ ඇමති අබ්දුල්ලා ශාහිඩ් පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරන්නේ ජනාධිපති සෝලිගේ තීරණය පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දීර්ඝකාලීන ද්වීපාර්ශවික සබඳතා සහතික කිරීම සඳහා බවයි.

එසේම වසංගතයේ අභියෝගවලට මුහුණදීම සඳහා උපකාර කිරීම සහතික කිරීමද මෙහි තවත් අරමුණක් බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.