මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ වෙළෙඳ සැලක්ස් තුළ නිදාගෙන සිටි පුද්ගලයකු නින්දේදීම 
මිය ගොස් සිටියදී පෙරේදා (22) උදේ හමු වී ඇතැයි බියගම පොලිසිය පවසයි.  මෙසේ මිය ගියේ මල්වානේ වල්ගම - නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. රංජිත් ගුණසේන නමැති 52 හැවිරිදි එක් දරු පියෙකි.


මේ පිළිබඳව මරණ පරීක්ෂණය මල්වාන හදිසි මරණ පරීක්‍ෂක ඒ.ආර්.ඒ. මවාහිබි මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේ දී පවත්වා මළ සිරුර පී.සී.ආර්. පරීක්‍ෂණෙයට යොමු කර පශ්චාත් මරණ පරික්‍ෂණය පවත්වන ලෙසට පොලිසියට නියෝග කෙරිණි.


-ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ -