අතවරයට පත්ව ගැබිණියන්වූ හෝ අනියම් ඇසුරුකම් නිසා හෝ අත්වැරදීම් නිසා හෝ ගැබිණියන්වූ කාන්තාවන්ට සහන සලසන බව පවසා ඔවුන්ව දරු ප්‍රසූතිය දක්වා සිය මධ්‍යස්ථානවල රඳවාගෙන දරුවන් ලද පසු විකිණීමේ ජාවාරමක් කළ අයෙකු හසුව තිබෙයි. CSC Nation Lanka නමින් සංවිධානයක් ආකාරයට පෙනී සිටිමින් ෆේස් බුක් ඔස්සේද දැන්වීම් පළ කරමින් රුපියල් ලක්ෂ එකහමාරත් තුනත් අතර මුදලට බිළිඳුන් අලෙවි කරන ජාවාරමක් පවත්වා ගිය මංජුල උක්වත්ත නමැති මෙම සැකකරු මාතලේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා මේ වන විට අලුත උපන් බිළිඳුන් 30 කට ආසන්න ප්‍රමාණයක් විකුණා ඇති බව පොලිස් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවීමෙන් පසු ඉදිරියේ දරුවා ලද පසු
රහසේ දරුප්‍රසූතිය දක්වා රැකවරණය සැපයීමේ සමාජ කාර්යය නොමිලේ ඉටු කරන බව පවසමින් ෆේස් බුක් ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කරමින් ඔහු විශාල පිරිසකගේ අවධානය දිනාගෙන මෙම කාර්යය ජයටම කරගෙන ගොස් තිබේ.
මෙම පුද්ගලයාගේ ළමා ජාවාරම් මෙහෙයුමට අදාළව සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවක් පදනම් කරගෙන පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය විසින් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව 47 හැවිරිදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මොරටුවේ ප්‍රදේශ දෙකක පිහිටි තම මධ්‍යස්ථාන වලදී මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින
පරීක්ෂණවලින් ගැබිනි කාන්තාවන් 12 දෙනෙකු සොයා ගැනීමට හැකි වී ඇති අතර තවත් කාන්තාවන් 12 දෙනෙකුගෙන් පස් දෙනෙකු දැනටමත් තම දරුවන් තුන්වන පාර්ශවයකට මුදල් සඳහා භාර දී ඇති බවත් හෙළිව ඇත. තිදෙනෙකු ඔවුන්ගේ දරුවන් සමඟ සොයාගෙන ඇත.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව මේ ආකාරයට දරුවන් අලෙවිකිරීමට නොහැකි අතර දරුවෙකු ස්ථිර හිමිකාරිත්වයෙන් වෙනත් අයකු වෙත පැවරීමේදී දිසා අධිකරණයක් මගින් අවසර ගැනීම සිදුකල යුතු වූවත් එවැනි කිසිදු නෛතික ක්‍රමවේදයක් නොමැතිව මොහු මෙම ජාවාරමේ නිරතව ඇතැයි ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම, ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම සහ ඊට ආධාර අනුබලදීමේ චෝදානා යටතේ ජාවාරම්කරු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සදහා මොරටුව අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
0 Comments