“ශ්රී ලංකා රජය සුළුතර මුස්ලිම්වරුන්ගේ කොවිඩ් ආසාදිත මළ සිරුරුවල භූමදාන අයිතිය සහතික කරනු යන මැයෙන්” කඳුකර සිවිල් සංවිධාන එකතුව මගින් සංවිධානය කරනු ලැබූ සාමකාමී උද්ඝෝෂණයක් 24 දා පෙ.ව.10.30 ට පමණ මස්කෙළිය ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට දී පැවැත්විණි.
මෙම උද්ඝෝෂණයට එක්ව සිටි කඳුකර සිවිල් සංවිධාන එකතුවේ සභාපති තංගවේළු ගනේෂලිංගම් මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ප්රජාතන්ත්රවාදී රටක් වන ශ්රීලංකාවේ සියළු ආගම්වලට සම ඉඩමක් ලබා දෙන ලෙසත්, සුළු ජාතීන්ට ඇති අයිතිවාසිකම් ඉවත් කරලා අවබෝධතාවය නැති කරන ප්රශ්නයක් මේ වන විට උද්ගතව ඇති නිසාත්, තමන් රජයට බල කර සිටිනවා කොවිඩි රෝගයෙන් මියන මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු භූමදානය කරනවාද ? ආදාහනය කරනවාද? කියා පැන නැගී ඇති ප්රශ්නයට රජය සාමකාමීව ට මැදිහත් වෙලා විසඳා දෙන ලෙස ඉල්ලා සිටින බවත්ය.
මෙම සාමකාමී උද්ඝෝෂණයට කඳුකර සිවිල් සංවිධාන එකතුවේ පිරිසක් සහභාගී වූහ.
තංගවේළු ගනේෂලිංගම් මහතා අදහස් දක්වන අයුරු හා විරෝධතා පුවරු සමග සාමකාමී උද්ඝෝෂණය පිරිස එක්ව සිටින අයුරු ඡායාරූපවලින් දැක්වේ.
( සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
0 Comments