මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම යටතේ වසර පහක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක මුදල ප්රදානය නොකර සිටීමට එම ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එම ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය වොෂින්ටනයේදී රැස්වූ අවස්ථාවේ එම තීරණය ගෙන ඇතැයි රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කළේය.
අදාළ රැස්වීම පෙරේදා (15දා) රැස්වීම සම්බන්ධයෙන් වූ න්‍යාය පත්‍රයට මෙම ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවද ඇතුළත්ව තිබූ බවත්, එහිදී ශ්‍රී ලංකාවට මෙම ප්රදානය නොකර සිටීම සඳහා තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙන බවත් එම ආරංචි මාර්ග පැවසීය.
වසර කිහිපයක් තිස්සේ මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද කියැවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් නිවේදනයක් හෝ දැනුම්දීමක් අදාළ පාර්ශ්වයන්ගෙන් නිකුත් කර නොමැත.
0 Comments