පුත්තලම, මොරගහවැව ගමේ දරුවන් අන්තර්ජාල අධ්‍යාපනය වෙනුවෙන් කැප කිරීම් ගොඩක් කළා. මොකද ඒ ගමට තිබුනු ප්‍රශ්නයක් තමයි ජංගම දුරකථන වලට සිග්නල් නැති කම. ඒ නිසාම ඔවුන් ගමේ තිබුණු වතුර ටැංකිය උඩට නැඟලා තමයි සිග්නල් හොයාගෙන අධ්‍යාපන කටයුතු කළේ.
මේ ප්රශ්නය දැකපු ඩයලොග් සමාගම පුත්තලම, මොරගහවැව ගමට ගිහින් මුළු ගමම ආවරණය වෙන පරිදි 4G සම්බන්ධතාවය ලබාදෙන්න අද (18) කටයුතු කළා. දැන් ගමේ ළමයින්ට අන්තර්ජාල ප්‍රශ්නයක් නෑ. ගෙදර ඉඳන්ම තමන්ගේ පාඩම් වැඩකටයුතු කරගෙන යන්න පුලුවන්.
තමන්ගේ ගමට අන්තර්ජාල පහසුකම් ලැබුණු එක ගැන අදහස් දක්වපු ගොඩ දෙනෙක් කීවේ කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් හිටපු මේ සේවාව ලබාදුන්නු එක ගැන ඩයලොග් සමාගමට අනේක වාරයක් ස්තූතියි කියලා.
0 Comments