අංගම්පිටිය, 9 වන පටුමඟ හා නාවල පාසල් මාවත යා කෙරෙමින් ඉදි කෙරෙන ගුවන් පාළමේ ඉදි කිරීම් කටයුතු ඊයේ 15 පස්වරුවේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය.



ජනතාවගේ එදිනෙදා ජන ජීවිතයට බාධා නොවන පරිදි උපරිම තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් පාළමේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය‍ෙ
මෙහිදී රැස්ව සිටි ජනතාව සමඟ අග්‍රාමාත්‍යතුමා සුහඳ කතා බහක ද නිරත විය
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.