වසර 12 ක් පුරා මීගමුව පිටිපන නේවාසිකව පදිංචි වී සිටි නෙදර්ලන්ත ජාතිකයාගේ හදිසි මරණය අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා අක්මාවේ සංකූලතාව නිසා සිදු වූ හදිසි මරණයක් බව මීගමුව නාගරික හදිසි මරණ පරික්ෂක සිරි ජයන්ත මහතා ඉකුත් 26 වැනිදා තීරණය කළේය. දකුණු පිටිපන නිවෙසක් කුලියට ගෙන දිගු
ඔහු ජපන් ජාතික කාන්තාවක් සමග විවාහ වී සිටියේය. දැනට පවතින කාරෝනා නීති රීති නිසා බිරිඳ, මියගිය අයගේ භූමදාන කටයුතු සඳහා සහභාගි නොවන බව තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.
මියගිය අයගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලද්දේ මීගමුව දිසා මහ රෝහලේ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරි ලසන්ති ද සිල්වා මහත්මිය විසිනි.
පොලිස් සැරයන් ආර්.එස්.කේ. ප්‍රනාන්දු 40292 මහතාගේ සහාය ඇතිව මරණ පරික්ෂණයේ සාක්කි මෙහෙයවන ලද්දේ දුන්ගාල්පිටිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ආර්.එම්.කේ. ප්‍රනාන්දු මහතා විසිනි.
- ඩබ්.හියුබට් ප්‍රනාන්දු -
0 Comments