නිරෝධායනයට යොමු කර සිටියදී සපුගස්කන්දේ නිවසකින් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියා එම ප්‍රදේශයේම නිවසක සිටිය දී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ වන විට ඔහු සිටි නිවසේ අය නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇති අතර ඔහු හා එහි දි කාන්තාවක්ද සහ ඇයගේ දෙමාපියන් ද සිටි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක දැන්වීය.
මොහු සඳහා කවුරුන් හෝ දැනුවත්ව රැකවරණය ලබා දී සිටියහොත් ඔවුන්ට අදාළව ද නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ඔහු කීය.
කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම තරුණයා නිවසේ නිරෝධායනයට ලක්කර සිටි අතර පළායාමෙන් පසු ඔහු සොයා ගන්නට පොලිසිය මහජන සහය පැතීය.
මෙලෙස පළා ගොස් තිබුනේ නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval