ශ්‍රී ලාංකික සම්භවයක් සහිත නිශාන් දුරෙයිඅප්පා මහතා කැනඩාවේ නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. දකුණු ආසියාතික රටක අයකු මෙවැනි තනතුරකට පත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ නිශාන් දුරයිඅප්පා යාපනය නගරාධිපතිවරයාව
යාපනයේ පදිංචිව සිටියදී ළමා කාලයේ සිය මව්පියන් සමග කැනඩාවේ පදිංචියට ගොස් ඇති නිශාන් දුරෙයිඅප්පා මහතා එරට පොලිස් සේවයට 1994 වසරේදී බැඳී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයකු වශයෙනි. නිශාන් දුරයිඅප්පා මහතා ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ අපරාධ විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධියක් සහ බටහිර ඕන්ටාරියෝ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලන ඩිලෝමාවක් ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් කර ඇත. කැනඩා පොලිස් බළකායේ ඉහළම නිලයක් වන මෙම නිලයට නිශාන් දුරෙයිඅප්පා මහතා උසස් කර ඇත්තේ ඔහුගේ සේවා කාලය තුළ පෙන්වූ දක්‍ෂතා සහ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සැලකිල්ලට ගනිමිනි.
-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-
0 Comments