සිනමා නිළි පබෝදා සංදීපනී නමින් නිකුත්ව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සැරිසරන නිරුවත් වීඩියෝව සම්බන්ධයෙන් ඇය විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඇය පවසන්නේ කිසියම් පිරිසක් තමාගේ හැඩරුවට සමාන වෙනත් අයෙකුගේ රුවක් සංස්කරණය කර එය තමාට මඩ ගැසීමේ හෝ මුදල් ඉපැයීමේ අරමුණින් ප්‍රචාරය කර ඇති බවයි. ඇය මෙසේ පවසයි
'මං මේ විදිහට වීඩියෝවකින් රසිකයින් අමතන්න හිතුවෙ නැහැ. මගේ නමට මඩ ගසමින් වීඩියෝවක් මාධ්‍ය ජාලාවල සැරිසරන නිසා කතා කරන්නේ.. මුලදි මේ ගැන මං කථාකරන්න නෙමේ හිටියේ මොකද එය මට අදාළ නැති නිසා. නමුත් ලංකාවේ ඒ වගේම විදෙස් රටවල් වලින් පවා මේ ගැන කතාකරලා අහනවා. මං නිහඩව සිටියොත් මිනිස්සු ඒ මං මයි කියල හිතෙන නිසා ඒ ගැන කතා කරන්න හිතුණා.
මීට අවුරුදු 5 කට පමණ පෙර මං ඇඳපු ඇඳුම් වගයක් ගැනත් මේ විදිහට වැරදි ප්‍රචාරයක් ගිහින් තියනවා. ඒක කරපු අයට ප්‍රතිචාර නොලැබුණ නිසාද කෙහෙද ඒ අයම ඊට පස්සේ මං වගේ කෙනෙක්ගෙ වීඩියෝ ක්ලිප් එකක් හම්බවෙලා පොඩ්ඩක් එඩිට් කරලා මේකෙ දාලා තියනවා.
මට මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. අපි වගේ අයට මඩ ගහන්නෙ ඊරිසියා කරන්නෙ ඇයි කියල මට තේරුම් ගන්න පුළුවන්. කොච්චර වුණත් පබෝදා සංදීපනී කියල මට ලැබිච්ච දේවල් අමාරුවෙන් ලැබුනේ.. ඒවා මේ කාටවත් නැති කරන්න බැහැ. මෙහෙම කරන්නෙ එක්කො සල්ලි හම්බ කරන්න නැතිනම් මඩ ගහන්න.
අනිත් එක ගින්දරී අලුත් එකටත් මඩ ගහලා දාලා තියනවා. අවුරුදු 18 ක් තිස්සෙ අපි කරපු හොඳ නිර්මාණයක් ඒක පවා වැරදියට යොදවලා තියනවා. මං කාටවත් දෙස් දෙවොල් තියන්නෙ නෑ.
මං හොඳ අම්මා කෙනෙක් මං මගේ ජීවිතය වැදගත් විදිහට සරල විදිහට ජීවත්වෙන්න උත්සාහ කරන කෙනෙක්. මේකට මගේ කිසිම සම්බන්ධයක් නෑ කියල කියන්න තමයි මට ඕනෑ. ඒ ඉන්නෙ මම නෙමෙයි. මං කියල හිතාගන්න කට්ටියටයි මට නැවත කිව යුත්තේ'
-Paboda Sandeepani
0 Comments