කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ව්‍යාපාරික  දානපතියකුගෙන් ලද පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය
ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සවි කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබියදී  එම ආයතනයේ නිලධාරීන්ගේ
මත ගැටුමක්  හේතුවෙන්  එය ස්ථාපිත කිරීම  දිනෙන් දින කල් යන ලකුණු පහළ වී ඇතැයි විශ්වාසදායක
ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කටයුත්ත සඳහා 
මීට දින කිහිපයකට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය
ආයතනයේ නිලධාරීන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ  කාර්යාලයේ නිලධාරීන්, එම  යන්ත්‍රය
මිලදී ගැනීමට බලාපොරොත්තු වන සමාගමේ නිලධාරීන්  මෙන්ම  ඒ සඳහා අනුග්‍රහය දක්වන
 ව්‍යාපාරික දානපතියාද සම්බන්ධ කරගනිමින් සාකච්ඡාවක්ද පවත්වා එම යන්ත්‍රය සවි කිරීමට සුදුසු
ස්ථානය ලෙස ජාතික  සෞඛ්‍ය  විද්‍යා  ආයතනයේ රසායනාගාරයේ කොටසක් සුදුසු බව එම
අවස්ථාවේදී   තීරණය කළ අතර තව දින කිහිපයකින් එළැඹෙන ජනවාරි මස මුල් සතියේදී එය ආරම්භ
කිරීමට එකඟතාවක්ද ඇති විය.

මෙම සියලුම කටයුතු සඳහා ලක්ෂ එකසිය තිහක් පමණ වැය වන බව දැනගත් ව්‍යාපාරික දානපතියා  එම
මුදලින් අඩකටත් වඩා රුපියල් ලක්ෂ 80ක මුදලක්  එම අවස්ථාවේදීම  පරිත්‍යාගද කළේය.

එම  පී.සී.ආර්. යන්ත්‍රය සවි කිරීමෙන් අනතුරුව ඊට අවශ්‍ය අමතර උපකරණ සහ රසායනික ද්‍රව්‍ය
 සෞඛ්‍ය  අමාත්‍යාංශය  ලබාදීමටද   එහිදී  එකඟතාවක් ඇති විය. මෙවැනි ක්‍රියා හේතුවෙන්
 රජයට මූල්‍ය  ශක්තියක් ලබාදීමට  ඉදිරිපත් වන  දෙවියන් වැනි මිනිසුන් අප සමාජයෙන් අෑත් වීම
වැළැක්වීමට නොහැකි වනු ඇතැයිද  මෙම ක්‍රියාව  අනුමත නොකරන බහුතරයගේ අදහසයි.