පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහළ බලධාරියකු රාජකාරි වේලාවේදී තම පෞද්ගලික නිවෙසේ
වැඩකටයුතුවලට විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවක පිරිසක් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ
විගණන අංශය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.


විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවක පිරිස අදාළ නිලධාරියාගේ නිවෙසේ වැඩ කරමින් සිටියදී විගණන අංශ
නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් සේවකයන්ගෙන් හා නිලධාරිවරයාගෙන් ප්‍රකාශද ලබාගෙන ඇත.

විගණන නිලධාරීන් අදාළ නිවෙසට යනවිට එහි විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවකයන් අට දෙනකු සිට ඇත.
ඒ අතරින් තිදෙනකු පමණක් එදින විශ්වවිද්‍යාලයේ සේවයට වාර්තා කර තිබූ බව දැනගන්නට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින්ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මේ
සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා විශ්වවිද්‍යාල උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක
මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම සඳහා කිහිප වරක්ම උත්සාහ කළද එම උත්සාහය සාර්ථක නොවීය.

මහනුවර - කේ.එල්. සුරවීර