කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක එන්නතත් ලෙස දැනට ප්‍රචලිතව පවතින ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාගත් කිහිපදෙනා අතර බ්‍රිතාන්‍යයේ වාසය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුද සිටී. පසුගිය 8 වනදා එන්නත් ලබාදීම ආරම්භ කළ මුල්දිනයේදීම මෙම එන්නත විදගැනීමේ විරල අවස්ථාව ඔහුට උදාවූයේ ඔහු කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන දකුණු එංගලන්තයේ සරේහි ෆ්රිම්ලි පාර්ක් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුවීම නිසාය.
වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් නමැති ඔහු යාපනයේ උපත ලද්දෙකු වන අතර බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී වසර 24 කි.
"ඒක හරියට උණට දෙන එන්නතක් වගේ. මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ, මේ වනතුරු කිසිම අතුරු ආබාධයකුත් නෑ. මම අදත් වැඩට ගියා. මම දරු දෙන්නෙක්ගෙ පියෙක්. මට එන්නත ලැබුණ එක ගැන එයාල හොඳටම සතුටුයි. මොකද අපිට තියෙන එකම
ආරක්ෂාව එන්නත විතරයි.
එකම දේ මේක මුල්ම එන්නත නිසා ප්‍රතිඵලය මොකක් වෙයිද දන්නේ නෑ....මම දිනපතාම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළා. නමුත් අපේ රෝහලේ එතරම්ම නරක තත්ත්වයක් තිබුණේ නෑ,නමුත් අවදානමක් තිබුණා. හදිසියෙත් කිසිම කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති රෝගින් හමුවීමයි - අපි එයාලට
කියන්නේ super spreaders කියල - රෝහලට ඇතුළත් වුනොත් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න, ඒ වෙලාවට අපි ලොකු අර්බුදයකට මුහුණ දුන්නා. ප්‍රතිකාර කරන කොට අපි රෝගීන් කොටස් තුනකට බෙදුවා. අධි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු
අසාධ්‍ය රෝගීන්, රෝහලට ඇතුළත් කළ යුතු රෝගීන් සහ සුලු රෝග ලක්ෂණ තිබුන රෝගීන්. ඒ තුන්වෙනි කාණ්ඩයේ රෝගීන් ට අපි උපදෙස් දුන්නා නිවසේදී විවේක ගන්න කියල. පළවෙනි රැල්ල ආපු වෙලාවේ අපි බොහෝ දේවල් දැනගෙන හිටියේ නෑ. ඒත් දෙවෙනි රැල්ල එනකොට තත්ත්වය වෙනස්, දෙවෙනි රැල්ලේ දි අපි සමහර රෝගීන්ට වෛරස නාශක බෙහෙත් දුන්නා, සමහරුන්ට ස්ටෙරොයිඩ් (steroid) දුන්නා. බොහෝ වෙලාවට ඒකෙන් රෝගය සුව නොවුණත් රෝහලට ඇතුළත් කිරීම පමා කරන්න
හෝ රෝහලේ ගතකරන කාලය අඩුකරන්න පුළුවන් වුණා.
එන්නතක් සොයාගැනීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා."
පළමු එන්නත ලබාගැනීමෙන් දින 21 කට පසුව ඔහු එහි දෙවෙනි මාත්‍රය ලබාගත යුතුය. එක මාත්‍රයක් මගින් රෝගය යළි වැළඳීම 70% කින් අඩු කරන අතර, දෙවෙනි මාත්‍රය ලබාගත් විට එය 90% ක් දක්වා
ඉහළ යන බව දන්වා තිබේ.
බ්‍රිතාන්‍ය ආණ්ඩුව මුලින් අනුගමනය කළ "රෝගය බෝ වී සුව වීමේ" ක්‍රමවේදය (Herd immunity) යටතේ බ්‍රිතාන්‍යයේ ජනතාව සම්පූර්ණයෙන්ම රෝගයට ප්‍රතිශක්තිය ලබාගැනීම පිණිස අඩුම තරමින්
ජනගහනයෙන් තුනෙන් දෙකකට රෝගය බෝ විය යුතු බව පවසන වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන්, එය මිලියන 44 ක ජනකායක් බැවින් එවැන්නක් පහසු ඉලක්කයක් නොවන බව ද පෙන්වා දුන්නේය.
"ඒ නිසා එන්නතක් ලබාගත්ත කියන්නේ අත් සෝදන එක, පුද්ගල දුරස්ථභාවය තබාගන්න එක, මාස්ක් එකක්
පළඳින එක අනවශ්‍යයි කියන එක නෙමේ. අපි ඒවා දිගටම කරගෙන යන්න ඕනේ." ඔහු පැවසුවේය.
(බීබීසී ඇසුරිනි)
0 Comments