
COVID-19 වෛරසය වැළැක්වීම සඳහා අනුමැතිය හිමිව ඇති Pfizer එන්නත ඉදිරි සති කිහිපය ඇතුළතදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින වෙතටත් ලබාදීමට නියමිතව ඇති බව එරට ඩේලිමේල් පුවත්පත වාර්තා කරයි.
මහ රැජිනට අමතරව රාජකීය පවුලේ තවත් පිරිසකටද මෙම Pfizer එන්නත ලබාදීමට නියමිතව ඇත. කෙසේ වෙතත් මෙම එන්නත් විදීම සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් පැහැදිලිවම ප්‍රකාශයක් නිකුත් කර නැත. එරට තුළ ලබාදෙන මෙම එන්නත් වැඩසටහන යටතේ පළමුව වයස අවුරුදු 80ට වඩා වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත මෙන්ම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබාදීම සිදුවෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval