කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව 2014 සිට 2019 වසර අවසානය දක්වා රාජකාරි පැය මිලියන 12 ක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. කොළඹ වරාය නගරයේ 2018-2019 සමාජ වගකීම් වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් මගින් මේ බව අනාවරණය වෙයි. එම වාර්තා කොළඹ වරාය නගර අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේද ඉදිරිපත් කර තිබේ.



කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සහ එහි ප‍්‍රධාන සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් කම්පනි :(China Communications Construction Company – CCCC)  මගින් නිකුත් කරන ලද ප‍්‍රථම සමාජ වගකීම් වාර්තාව මෙයයි. 2014 සැප්තැම්බර් මාසයේ සිට 2019 නොවැම්බර් මාසය දක්වා සමාගම විසින් ජනතාව, සේවකයන්, පාරිභෝගිකයන් සහ පරිසරය වෙනුවෙන් සිදුකරන ලද මෙහෙවර මෙම වාර්තාවේ දැක්වේ.
වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් දැන් http://www.portcitycolombo.lk/  වෙබ් අඩවියෙන්  ඕනෑම අයෙකුට පරිශීලනය කිරීමට හැකිය.

වාර්තාවේ සඳහන් ප‍්‍රධාන කරුණු

හරවත් ව්‍යාපෘතියක්: ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල සිට කාර්යාලීය ලිපිද්‍රව්‍ය ආදිය දක්වාම දේශීය ශ‍්‍රී ලාංකීය නිපැයුම් හා සැපයුම් වලට මුල්තැන දෙමින් දේශීය සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට සමාගම කටයුතු කළේ ය. මෙම සැපයුම් කරුවන්ට තවත් ප‍්‍රතිලාභයක් අත්කර දෙමින් සමාගම සැපයුම්කරුවන් 1,500 කට විධිමත් පුහුණුවක් ලබාදෙමින්, වටිනා සහතිකයක් පිරිනැමීමටද කටයුතු කර ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය සැලසුම් ශිල්පීන්ගේ සේවය ලබාගන්නා ලද අතර සෘජුවම ශ‍්‍රී ලාංකිකයන් 8,000 කට අධික පිරිසකට අත්වැලක් වන ආකාරයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සමාගම හැකියාව ලැබිණි.

ජීවනෝපාය හා බැඳි ව්‍යාපෘතියක්:

ශ‍්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන්ගේ ජීවනෝපායන් නගාසිටුවීම සඳහා ප‍්‍රජා සංවර්ධන කටයුතු පුළුල් කිරීමටත්, දේශීය ජනතාවට ප‍්‍රායෝගික ප‍්‍රතිලාභ ලබාදීමටත් වරාය නගර ව්‍යාපෘතිය උත්සාහ කරයි. මෙම දැක්ම අනුව, මීගමුව ප‍්‍රදේශයේ ධීවරයන් මුහුණදෙන ගැටලූ හඳුනා ගනිමින්, ශ‍්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ධීවර ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක‍්‍රියාවට නැංවීමටත්, ඒ සඳහා රු. මිලියන 550 ක් නැතහොත් රු-කෝටි 55 ක මුදලක් වෙන්කිරීමටත් පියවර ගන්නා ලදි. මීගමුව ප‍්‍රදේශයේ ධීවරයන් 15,450 කට ආසන්න පිරිසකට රක්ෂණ පිරිනමන ලද අතර, ඔවුන් අතරින් 6,000 කට අධික පිරිසක් ආවරණය කරමින් සෞඛ්‍ය කඳවුරු 35 ක් සංවිධානය කෙරිණි. මීගමුව සිට වත්තල දක්වා ධීවර සංවිධාන 77 කට මූල්‍යමය අත්වැලක් වශයෙන් රු. මිලියන 154 ක මුදලක් ප‍්‍රදානය කරන ලදි. එමෙන්ම මාදැල් ධීවර ප‍්‍රජාවගේ ප‍්‍රයෝජනය සදහා දියකඩන ඉදිකොට වැලි පොම්ප කර වෙරළ ප‍්‍රතිපෝෂණය කිරීමට රු. මිලියන 300 ක් නැතහොත් කෝටි 30 ක මුදලක් වෙන්කිරීමට සමාගම පියවර ගත්තේ ය.
ජාතික තරුණ සේවා සභාව සහ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය සමග එක්ව, ජාතික සමගිය උදෙසා ‘රටම රොද බඳින රන් භූමි රැලිය’ නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමටද කොළඹ වරාය නගරය කටයුතු කළේ ය. දින 40 ක් පුරා, පළාත් 9 ක, දිස්ත‍්‍රික්ක 25 ක, ගම් හා නගර 1,500 ක් ආවරණය වන පරිදි පවත්වන ලද එම වැඩසටහනට මිලියන 10 කට අධික පිරිසක් එක්වූහ.

පාසල් උපකරණ බෙදාදීමත්, වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඉගැන්වීම් සහ ඉගෙනුම් පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්වි 'Hope' ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන ලදි. ඉන් අනතුරුව පෙරපාසල් රැසක පහසුකම් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර පාසල් විවාද තරගාවලි සංවිධානය කිරීමට සහය වීම, කොළඹ වරාය නගරයේ මාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වීමට දරුවන් තෝරාගැනීම සහ රටේ තරුණ පරපුරේ යහපත උදෙසා NSBM Green University Town සමග අත්වැල් බැඳගැනීම වැනි ව්‍යාපෘතිද ක‍්‍රියාවට නංවා තිබේ. තවද රටේ ස්වාභාවික උපද්‍රව වලදී විපතට පත්වන්නන්ට සහය වීම සඳහා දායක වීම මෙන්ම, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට චීන සංස්කෘතික පොත්පත් ප‍්‍රදානය කිරීම වැනි මහජන සුභසාධන වැඩසටහන් වලට දායක වීමටද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පියවර ගෙන ඇත.

ඒකාබද්ධ ව්‍යාපෘතියක්:

ඉංජිනේරුවන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වාම දැනුමෙන් හා අත්දැකීම් අතින් ඉහළම මට්ටමේ සිටින වෘත්තිකයන් සේවයේ යෙදවීමට සමාගම කටයුතු කර ඇත. කාර්ය මණ්ඩලය වෙනුවෙන් වාර්ෂික පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර මෙම වැඩසටහන් වලට රැකියා ස්ථානයේදීම පුහුණුව ලබාදීම, දේශකවරුන් සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම සහ දැනුම පදනම් කරගත් තරග පැවැත්වීම වැනි අංග ඇතුළත් වී තිබේ. 2019 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට 620 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහන් 16 ක් සංවිධානය කර තිබිණි. පුහුණු වැඩසටහන් සඳහා රු. මිලියන 37 (ඇමරිකානු ඩොලර් 203,000) ක මුදලක් වෙන්කරන ලදී.

ගුණාත්මක ව්‍යාපෘතියක්:

ඉදිකිරීම් කටයුතු වලදී සිදුවන අනතුරු හා හානි අවම කිරීම සඳහා, සියලූම ක‍්‍රියාකාරකම් වලදී ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු කළේ ය. ඒ සඳහා 4,224 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසි 192 ක් පවත්වන ලද අතර, කිසිදු අනතුරකින් තොරව මේ වනවිට රාජකාරි පැය මිලියන 12 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ කිරීමට 2014 සහ 2019 අතර කාලයේදී ව්‍යාපෘතිය සමත් වී තිබේ.

පරිසර හිතාකාමී ව්‍යාපෘතියක්:

තිරසාර සංවර්ධන සංකල්පය අනුව ව්‍යාපෘතිය පුරාම රටේ විවිධත්වයට ගරුකරමින්, පරිසරය වැඩිදියුණු කරමින්, පරිසර දූෂණය අවම කරමින්, සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නිසා සමාගම වෙත සම්මාන රැසක් හිමි විය. International Federation of Landscape Architects (IFLA) හි අප‍්‍රිකා, ආසියා පැසිෆික් සහ මැද පෙරදිග සම්මාන උළෙලේදී ගෞරව සඳහනක් හිමිවීම, 2018 Yuan Ye Urban Design Award  හිදී රන් සම්මානයක් හිමිවීම සහ Singapore Institute of Landscape Architects  මගින් සංවිධානය කරන ලද 2017 Singapore Landscape Architecture Awards හිදී රිදී සම්මානයක් හිමිවීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගනී.
--
වාර්තාව වෙත CCCC සමාගමේ සභාපති ලියු චීතා ඕ මහතා විසින් නිකුත් කරන ලද පණිවිඩයක මෙසේ දැක්වේ. ”කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු, එක්ව ගනුදෙනු කිරීම, එක්ව ඉදිකිරීම සහ එක්ව බෙදාහදා ගැනීම යන මූලධර්ම මත පදනම් වූ, ‘එක් තීරයක් එක් මාවතක්’ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අයත් ශ‍්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් ආර්ථික හා වාණිජ සහයෝගීතාව යටතේ ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛතම ව්‍යාපෘතියකි. ශ‍්‍රී ලංකාවේ ජනතාව සමග එක්වී, පොදු සංවර්ධනය වෙනුවෙන් උනන්දු වන, උද්යෝගී, දෛවයෙන් පන්නරය ලබන සහ වගකීම් සහගත ප‍්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි.”
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ CCCC සමාගම තිරසාර සංවර්ධන සංකල්ප ක‍්‍රියාත්මක කරමින්, ප‍්‍රජා සත්කාර මෙහෙවර වඩාත් හොඳින් ඉෂ්ට කරමින්, සහයෝගය සහ සංවර්ධනය තවත් පුළුල් කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර සමාගම් සමග එක්ව කටයුතු කරන බවයි. එමෙන්ම හරිත සංවර්ධනය සම්බන්ධ නවෝත්පාදනයන් සහ අන්‍යෝන්‍ය විශ්වාසය පදනම් කරගත් ප‍්‍රජාවන් විසින් ශ‍්‍රී ලංකාවට දීර්ඝකාලීන ස්ථාවර සංවර්ධනයක් සඳහා දොරටු විවර කරනු ඇති බව ඒ මහතාගේ අදහස වේ.
කොළඹ වරාය නගරය දකුණු ආසියානු කලාපයේ බිහිවන ජාත්‍යන්තර තලයේ නගරයක් බවටත්, ඉහළම තලයේ ආර්ථික මධ්‍යස්ථානයක් බවටත් පත්කිරීමේ අරමුණ මුල්කරගෙන, විශිෂ්ට යටිතල පහසුකම් නිර්මාණය කිරීම, ඉඩම්වල අගය ඉහළ නැංවීම, නාගරික සංවර්ධනය පුළුල් කිරීම සහ ස්ථාවර රැකියා අවස්ථා උදාකර දීම වැනි ක‍්‍රම ඔස්සේ ශ‍්‍රී ලංකාවට ආර්ථික හා සමාජ ප‍්‍රතිලාභ  පිරිනැමීම CCCC සමාගමේ ඉලක්කය වී තිබේ. සිය ප‍්‍රථම ප‍්‍රජා සත්කාර වාර්තාව තුළින් පැහැදිලිව දක්වා ඇති ආකාරයට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, සංකල්ප ක‍්‍රියාවට නැංවීම, ක‍්‍රමවේද ස්ථාපිත කිරීම සහ ප‍්‍රායෝගික මගපෙන්වීමක් ලබාදීම වැනි ක‍්‍රම ඔස්සේ, තම එදිනෙදා රාජකාරී කටයුතු සඳහා ප‍්‍රජා සත්කාර සංකල්ප භාවිතා කිරීමට සිය කාර්ය මණ්ඩලය යොමුකරවීමට පියවර ගෙන ඇත.
මෙම වාර්තාවේ ඉංග‍්‍රීසි පිටපත එළිදැක්වීමේ අවස්ථාව 2020 ජනවාරි 13 වෙනිදා එවකට ශ‍්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xueyuan  සහ එවක නාගරික සංවර්ධන අමාත්‍ය ගරු ගාමිණි ලොකුගේ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් පැවත්වුණි. ඊට එවක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම CCCC  හි ප‍්‍රචාරණ කටයුතු ප‍්‍රධානී Liu Yan  මහත්මිය, චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි (China Harbour Engineering Company)   හි උප සභාපති Huang Yongye  මහත්මිය සහ චෙක් පොර්ට් සිටි කලම්බු (CHEC Port City Colombo)  (පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතාද ආරාධිතයන් ලෙස එක්වූහ.
ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනයේ (International Organization for Standardizing - ISO) මාර්ගෝපදේශ, සමාජ වගකීම් සම්බන්ධ GB/T 36000-2015  මාර්ගෝපදේශ, General Administration of Quality Supervision  මගින් හඳුන්වා දෙන ලද සමාජ වගකීම් වාර්තාකරණය සම්බන්ධ ඨඊරැඔ 36001-2015 මාර්ගෝපදේශ සහ GRI Sustainability Reporting Standards (GRI Standards) මගින් හඳුන්වා දෙන ලද GRI Sustainability Reporting Standards (GRI Standards) යන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම වාර්තාව පිළියෙල කර තිබේ.

කොළඹ වරාය නගර පිළිබඳව
කොළඹ වරාය නගරය යනු කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත‍්‍රික්කය පුළුල් කරන පරිදි ඉදිකරනු ලබන නවතම නාගරික සංවර්ධන ව්‍යාපෘතියයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් යුතුව ඉදිකරනු ලබන මෙය සම්පූර්ණ වූ පසුව ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජන රැගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. හෙක්ටයාර 269 ක ප‍්‍රදේශයක් මුහුද ගොඩකර නිර්මාණය කරනු ලබන මෙය මූල්‍ය දිස්ත‍්‍රික්කය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, දුපත් දිවිය සහ සැහැල්ලූ යාත‍්‍රාංගණය වශයෙන් කලාප 5 කින් සමන්විත වනු ඇත.
සම්පූර්ණ වූ පසුව කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අවකාශය වර්ග මීටර මීලියන 5.7 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවීන කාර්යාල, රෝහල්, අධ්‍යාපන ආයතන, හෝටල්, සැහැල්ලූ වරාය, සාප්පු සංකීර්ණ සහ ජීවන විලාසිතා ස්ථාන රැසකින් මෙය සමන්විත වනු ඇත. නවීනතම තිරසාර නාගරික සැලසුම් සහ සංකල්ප භාවිතයෙන් ඉදිවන මෙය දකුණු ආසියානු කලාපයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු නිසැක ය.


CHEC Port City Colombo  (පුද්.) සමාගම පිළිබඳව
China Harbour Engineering Company fyj;a CHEC Port City Colombo ^mqoa'& iud.u hkq China Communications Construction Company Limited (CCCC) හි සාමාජික සමාගමකි. 2006 වසරේදී සංස්ථාගත කෙරුණු CCCC සමාගම හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති අතර රටවල් හා කලාප 145 ක් පුරා ව්‍යාප්ත වූ එහි 120,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය කරයි. එම සමාගම වරාය සැලසුම් හා ඉදිකිරීම්, මාර්ග හා පාලම් සැලසුම් හා ඉදිකිරීම්, කැණීම්, බහාලූම් දොඹකර හා බර යන්ත්‍රෝපකරණ නිපදවීම් යනාදිය සම්බන්ධ ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස සැලකේ. ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන්ද අත්දැකීම් සම්භාරයක් ලබා ඇති CCCC සමාගම දේපළ ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන පෙළේ ආයෝජන හා සංවර්ධන සමාගමක් ලෙසද කටයුතු කරයි.
2017 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 79.4 ක ආදායමක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 183 ක සමස්ත වත්කම් වාර්තා කිරීමට CCCC සමත් විය. Fortune 500  සමාගම් අතර 91 වැනි ස්ථානයේ පසුවන එය 2018 වසරේදී ENR Top International Contractor  ලැයිස්තුවේ 3 වන ස්ථානයට පැමිණියේ ය. ලොව විශාලතම බහාලූම් පර්යන්ත හා අන්තර් සමුද්‍රීය පාලම් 10 අතරින් 5 ක් ම නිර්මාණය කර ඇත්තේ CCCC විසිනි. 1998 වසරේ සිටම ශ‍්‍රී ලංකාව තුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරමින් සිටින එම සමාගම දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ දකුණ බහාලූම් පර්යන්තය ඇතුළු තවත් ප‍්‍රධාන පෙළේ යටිතල ව්‍යුහ ව්‍යාපෘති රැසක් මෙහෙයවා තිබේ.

මෙම වාර්තාව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින්
 https://www.portcitycolombo.lk/downloads/portcity-Sinhala-2020.pdf