මහර බන්ධනාගාරයේ කැරැල්ල මර්දනයට ගිය පාදුක්ක, වටරැක බන්ධනාගාර ජේලර්වරයා එම විශේෂ
රාජකාරිය නිමවා යළි වටරැකට ආවේ එදින සේවය අවසන් කිරීම සටහන් කිරීමට යැයි එම ජේලර්වරයා
බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී ඇතැයි දැනගන්නට ඇත. 


ඉකුත් 01 වැනිදා මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරිය නිම කළ පසු රාත්‍රි 9.45ට පමණ වටරැකට
යළි පැමිණ විවේකාගාරයට ගියේ තමාට අයත් බඩු බාහිරාදිය ගැනීමට යැයිද හෙතෙම කියා ඇතැයි
බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙහිදී ප්‍රධාන ‍ෙදාරටුවේ සිටි නිලධාරියා එම ස්ථානයට ඇතුළුවීම සම්බන්ධව තමාට ‍ෙදාස් නැඟූ
බවත් එහිදී යම් බහින්බස් වීමක් සිදුවූ බවත් එම ජේලර් ලිඛිතව කළ දැනුම්දීමේ සටහන් කර ඇතැයිද එම
ආරංචි මාර්ග කීය.

නමුත් එම සිද්ධිය සම්බන්ධව එම ස්ථානයේ සිටි නිලධාරින් එම සිදුවීම අතිශයෝක්තියෙන් මාධ්‍ය වෙත දී
ඉතා පහත් ලෙස කටයුතු කර ඇතැයිද එම ලියුම මඟින් දැනුම් දී ඇත.

මෙම දැනුම්දීමට අදාළ ලියුම යොමුකර ඇත්තේ විද්‍යුත් තැපෑල (ඊමේල්) මඟිනි.