පසුගිය කාලයේ දුරකථන සංවාද නිසා රටතුළ මහත් ආන්දෝලනයක් ඇති කළ රංගන ශිල්පීන් දෙපළක් වන රංජන් රාමනායක හා පියුමි හංසමාලි දෙදෙනා විවාහ ඡායාරූප 'ෂූට්' එකකට පෙනී සිට තිබේ.

රූපලාවන්‍යවේදී චන්දිමාල් ජයසිංහගේ ප්‍රවර්ධන කටයුත්තක් වෙනුවෙන් මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර

ඡායාරූපකරණය සිදුකර ඇත්තේ ඡායාරූප ශිල්පිනී දුලානිය (One’Dulani).
කෙසේ වෙතත් රන්ජන් පියුමි විවාහ වූ බව දක්වමින් මෙම ඡායාරූප වෛරසයක් ලෙස පතුරවන්නට සමාජ මාධ්‍ය තුළ මුදාහැර ඇති බවද හඳුනාගන්නට ලැබේ.

57 හැවිරිදි රන්ජන් විවාහයක් සිදු කරන්නේ නැති බවට නිරන්තරයෙන් මාධ්‍ය සාකච්ඡාවලදී පවසා ඇති අතර 28 හැවිරිදි පියුමි හංසමාලි විවාහක නමුත් සැමියා අතරදමා දරුවා සමග ජීවත්වන බව මාධ්‍ය ඉදිරියේ පවසා ඇත්තියකි.

Piumi Hansamali & Ranjan Ramanayake by Chandimal Jayasingh Photography by One’Dulani