රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව වැඩවිසූ නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමි අසාමාන්‍ය ආකාරයට මරණයට පත්වීමෙන් පසුව එය ඝාතනයක් ලෙස සැකකරමින් මාධ්‍ය වාර්තා පළවූ පසුව  තවත් මතයක් පහළව ඇත්තේ උන් වහන්සේ සියදිවිනසාගන්නට ඇති බවකි. මීට වසර 21 කට පමණ පෙර උන් වහන්සේ විශාදය රෝග ලක්ෂණ සහිතව සිටි බවට කරුණු පහළවීමද මෙම සැකයට එක් හේතුවක් වී තිබේ.
කෙසේ වෙතත් එම කරුණ සනාථවීම සඳහා මරණ පරීක්ෂකවරුන් තවම ඉක්මණ්වී නැත්තේ මරණය සිදුවූ ආකාරය ඝාතනයක් වන්නට සැකකරන ආකාරයට සිදුව තිබීම නිසාය.
උන් වහන්සේගේ පාද දෙකේ ගල් ගැටගසා තිබීමත් එක් පාදයක ගැටගැසූ ගලක් හැලී තිබීමත් මුල් සාක්ෂි වලදී කියැවුණ අතර තමන් විසින්ම එවැන්නක් සිදු කරගන්නට යාම තරමක ගැටලුවකි.
පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (10) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී
පැවැත්වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වර්ෂාහැන්නදි මහත්මියයි. ඇය විවෘත තීන්දුවක් ලබාදුන් අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත සහ රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යැවීමටද පියවර ගෙන තිබුණි.  
පොල්ගස්දුව  ආරණ්‍යය ආදි කර්තෘ ලෙස සැලකෙන්නේ ජර්මන් ජාතික හිමිනමක වන ඥාණාතිලෝක හිමියන්ය. රත්ගම කළපුවේ පිහිටි මෙම දුපත ආරණයක් බවට පත් කරන්නට කලකට ඉහත ස්විස් ජාතික ධනපතියෙකු අදින් වසර 100 කට පෙර රන්පවුම් 75 ක් ලබාදුන් බව ප්‍රකට කතාවකි. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමි පවා  වැඩසිටි මෙම භූමියේ දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලා භාවනායෝගිව වැඩවසති.
වයස 19 දී තායිලන්තයේදී පැවිදි දිවිය ඇරඹූ අපවත්වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියෝ මෙහි වාසයට එන්නේ වයස 51දී මීට වසර 9 කට පෙරයි.
 සුදු හාමුදුරුවන්  නමින් ප්‍රකට මෙම හිමි නම සිංහල වචන දන්නේ ටිකකි.ජර්මන් බස හා තායි බස උන් වහන්සේට හොඳහැටි උච්චාරණය කළ හැකිය.
ආරණ්‍යයේ බොහෝ හිමිවරුන් මෙන් තමන්ගේ පාඩුවේ භාවනානුයෝගීව වැඩි කතාබහක් නැතිව සිටින එම හිමියන් එළිපහළියට බසින්නේ පිඩුසිඟාවැඩීමට පමණි.එක් තොටුපොළකට වැඩම කරන්නේ  සතියකට එක්
දිනකි.
උන්වහන්සේ සතියේ දින බෙදාගෙන තොටුපොළවල් වලට ගොස් පිඩු සිගා වඩිති .  උදේ පිඩු සිඟාවැඩමවීමෙන් පසු නැවත සිය කුටියට උදේ 7-8 වන විට ගමන් කිරීම සිරිතකි. කළපුව හරහා ගමන් කිරිම සඳහා උන්වහන්සේට ඔරුකදක් තිබු  අතර ඒ ඔරුකඳ කුටිය අසල ගැටගසා ඇත. පිහිනීමටද හොදින් දන්නා බව කියන හිමි නම ඇතැම් අවස්ථාවල ඔරුව ගැටෙන් ලිහී ගඟ මැදට ගිය අවස්ථාවල එය රැගෙන ඒමට පිහිනා ගමන් කර ඇති බව තතු දන්නෝ පවසති.
මළ සිරුර හමුවන්නට ආසන්න අවසන් අවස්ථාවේ සුදු හාමුදුරුවෝ පිණ්ඩපාත චාරිකාවේ ගොස් තිබුනේ හෝටලයක් ආසන්න තොටුපළට බව කියැවේ. එම හෝටලයේ කළමනාකරු සමග කතාබහක නිරතවි ඇති බවද සාක්ෂි ලැබී ඇති අතර එම අවස්ථාවේ මේ දිනවල පැතිරෙන කොරෝනා රෝගය ගැන අලුත්ම විස්තර අසාදැනගත් බවත් එම රෝග ලක්ෂණ මොනවාද ආදී ප්‍රශ්න හෝටල් කළමනාකරුගෙන් උන් වහන්සේ විමසූ බවද පැවසිණි.
 සුදු හාමුදුරුවන්ගේ මෘත දේහය  පසුගිය අගහරුවාදා පරක්කුදුව දුපත අසල තිබි සොයාගන්නා අවස්ථාව වනවිට සිරුර තරමක් නරක්වී තිබුණි. මෘතදේහය ගොඩගන්නා අවස්ථාවේ පාද දෙකේ ලණුවකින් ගල්දෙකක් ගැට ගසා තිබු  අතර එක් පාදයක ගැට ගසා තිබු ගලක් ගැලවි ගොස් තිබුණි.
මෙම මරණය සම්බන්ධයෙන් ආරණ්‍ය සේනාසන අධිපති විවෙකවිහාරි හිමියෝ මෙසේ තියා තිබේ.

“ මට හිතාගන්න බැහැ මොකක්ද මේ  හාමුදුරුවන්ට වුනේ කියලා.   මේ සුදුහාමුදුරුවෝ  කුටියට වෙලා බණ භාවනාකරමින් විවේකිව ගතකළ හිමිනමක්. උන්වහන්සේ අපිට හමුවන්නේ පෝය දිනවලදි නැතිනම් විනයකර්මයක් සිදුකොට ආරෝචන කරන අවස්ථාවකදි පමණයි.

විදුලිය නැති ඇතැම් අවස්ථාවලදි උණුවතුර  රැගෙන යන්න  සංඝාවාසය වෙත වැඩම කරනවා. මේ හාමුදුරුවන්ගේ ඔරුව කළපුවේ පාවෙමින් තිබෙන බව මට දැන ගන්නට ලැබුනා. පසුව ආණ්‍යසේනාසනයේ ඉන්න ළමයෙකුට මා කිවා උන්වහන්සේගේ කුටිය වෙත ගොස් මේ ගැන දැනුම් දෙන්න කියලා. නමුත්
උන්වහන්සේ ප්‍රතිචාර දක්වලා තිබුණේ නැහැ. අපි හිතුවා උන්වහන්සේ එගොඩට  වැඩම කරන්න ඇති කියලා. පසුදින විනයකර්මයක් තිබුනා සිමාවේ. සිමාවට ගොස් අපි විනයකර්මය කළා. විනයකර්මය කළවිට
ආරණ්‍යයේ වැඩවසන  භික්ෂුන්ට දන්වන්න  අවශ්‍යයි නේ. මේ සුදු හාමදුරුවන්ට විනයකර්මය ගැන දැන්විමටගිය විටදිත් කුටිය තුළ ඉදලා නැහැ.
ඔරුවේ ගැන සොයා බලනවිට එහි හබල තිබුනා. පසුව මේ ගැන මා රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් දැනුවත් කොට පැමිණිල්ලක් දැමිමට කටයුතු කළා. උන්වහන්සේ වැඩහිටපු කුටියේ  පාත්තරය විසිවෙලා තිබුණා. පසුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ආවා. ඇවිත් උන්වහන්සේ වැඩසිටි කුටිය පරික්ෂා කළා.
පිණ්ඩාපාතය සඳහා උන්වහන්සේ අසල දුපතක පිහිටි හෝටලයක් වෙත වැඩම කරණවා. අපි ඒ  පොලිස් නිලධාරින් සමග එම ස්ථානයට ගිහින් සුදු හාමුදුරුවන් ගැන සොයා බැලුවා.  උන්වහන්සේ මිට දින තුනකට පෙර  පිණ්ඩපාතය සදහා වැඩම කර පිණ්ඩපාතය කරගෙන යලි බොට්ටුව වැඩම කරලා ආපසු හැරිලා
ඇවිත්  කොරෝනාවල රෝග ලක්ෂණ  ඇසුවා කියලා හෝටලයේ මහත්තයා කිවා.
පසුව අපි සුදුහාමුදුරුවන්ගේ ඔරුව තියෙන තැනට ආවා. ඔරුව අසල උන්වහන්සේගේ දේහය පාවෙලා තිබෙනු දැක්කා. එක් පාදයක ගලක් ගැට ගසා තිබුනා. අනික් පාදයේ ගැට ගසා තිබු ගල ගැලවි තිබුනා. අත්දෙක ගුලිකරගෙන හිටියේ.
මා  වසරක් පාසා උන්වහන්සේගේ විසා බලපත්‍රය අත්සන් කරලා දුන්නා.  මේ සිද්ධියෙන් පසු  උන්වහන්සේගේ සමකාලින හිමිනමක් වන නෙදර්ලන්ත ජාතික අසාන්මේදි නෝ  හිමියන් ආරණ්‍යයට වැඩම කළා. උන්වහස්සේ අපේ හාමුදුරු කෙනෙක් සමග කිවා මිට වසර 20කට පෙර   මේ හාමුදුරුවන්  විශාදය
නැමති  අසනිප තත්වයකින් පෙළුනා කියලා. එකත් අපි දැන ගත්තේ ඒ හාමුදුරුවන්ගෙන්“
සුදුහාමුදුරුවන්ගේ සිරුරේ අභ්‍යයන්තරයේ  තුවාල  නොතිබු බව ද  පශ්චාත් මරණ පරික්ෂණයේ දිඅනාවරණය වි  ඇත.  උන්වහන්සේ මියගිය ආකාරය පිළිබද සොයාගැනිම සදහා සිරුරේ ඉන්ද්‍රයන් හා
අක්මා කොටස් මෙන්ම  රුධිර සාම්පල් රජයේ රසපරික්ෂක වරයා වෙත යොමුකිරිමට  කටයුතු කර ඇත. පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරිමට පෙර පි.සි.ආර් පරික්ෂණයක් ද සිදුකොට ඇති අතර   උන්වහන්සේට
කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට අනාවරණය වි තිබේ.
මේ අතර නෙදර්ලන්ත ජාතික මෙම භික්ෂූන් වහන්සේගේ අපවත්වීම සියදිවි නසා ගැනීමක් බව අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහ නිකායේ මහ නායක ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසති. පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙය තහවුරු වූ බවත් එහිදී එය සෘජුව ප්‍රකාශ නොකර විවෘත
තීන්දුවක් ලබා දී තිබෙන බවත් උන් වහන්සේගේ නිවේදනය කරති. එසේ තිබියදී මෙය ඝාතනයක් බව හුවා දැක්වීමට ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බවටද ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියෝ සිය නිවේදනය මගින් ජනමාධ්‍ය ආයතන වෙතද බරපතල චෝදනාවක් කරති.