රත්නපුර ශික්ෂණ රෝහලේ 24 වැනි වාට්ටුවේ වෛද්‍යවරයකුට, හෙදියන් දෙදෙනකුට, කනිෂ්ඨ කාර්ය
මණ්ඩලයේ දෙදෙනකුට සහ එම වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 09 දෙනකුද ඇතුළුව 14 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු එම වාට්ටුව වසා දමා තිබේ.
පෙරේදා (29දා) උදෑසන සිට එම වාට්ටුව වසා දැමූ බව රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරි
වෛද්‍ය අනෝජ් රුද්‍රිගෝ මහතාගෙන් කළ විමසුමකදී පැවැසීය.
එම වාට්ටුවේ වෛද්‍යවරුන්, හෙදියන් හා කනිෂ්ඨ කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි රෝහල් අධ්යක්ෂවරයා පැවැසීය.
වාට්ටුවේ සිටියදී කොවිඩ් ආසාදිත වූ රෝගීන් රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පදිංචි අය බව
සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒ අතර වැඩිහිටියෝද සිටිති.
මෙම වාට්ටුව විසබීජහරණය කර රෝහලේ සෙසු වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන්ට හෝ කාර්ය මණ්ඩලයට දැනට ගැටලුවක් නැති නමුත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම දිගටම සිදු කරන බව රත්නපුර සෞඛ්‍ය බලධාරියෙක් කීවේය.
රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන්ට සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබිණි.
කහවත්ත _ එල්. නිරෝෂණ, බෙලිහුල්ඔය - සමන්තා රත්නායක
0 Comments