කොළඹ IDH රෝහලේ රඳවා සිටින අසාධ්‍ය තත්ත්වයේ කොරෝනා අසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට තමන් සූදානම් බව කියමින් තමන් රාවණ පරපුරෙන් පැවත එන රිටිගල වෙද මහතා යයි කියමින් කොණ්ඩය වවා කඩාදමාගෙන මාධ්‍ය හමු පැවැත්වූ පුද්ගලයාගේ ඖෂධය රජයේ කිසිදු අනුග්‍රහයකින් තොරව මුල් වටයෙන්ම ප්‍රතික්ෂේප වී තිබේ.
මොහු ගංජා මුසු කළ පැනිය රැගෙන දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි හමුවී ඇති අතර තමා සමග ඡායාරූප වලට පෙනී සිටින ලෙසද ඉල්ලා ඇතැයි වාර්තාවේ.
ඇමතිවරයා ඔහුව ප්‍රතික්ෂේප කරන ලද බව ඊයේ ඇමති මාධ්‍යවේදීන් වෙත දන්වා සිටියේය.
ගංජා සහ කුරුළු බිත්තර කටු යොදා සකස් කරන ලද පානයක් තම අතට දී පින්තූර ගැසූ බවත් කවුද දන්නෑ නොදන්නා අය තමන් වෙත විවිධ අරමුනු වලින් පැමිණෙන බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා කියා සිටි අතර මෙවැනි වෙද මහතුන් යයි කියාගන්නා අයගෙන් බේරීමට ඇමතිවරයා දුරකථනය මේ දවස්වල ක්‍රියා විරහිත කරගෙන සිටින බවත් දන්වා ඇත.
රිටිගල වෙදමහතා දන්වා සිටියේ සිංහල ඖෂධය රාවණා රජ පරපුරේ සිට පැවත එන්නක් බවත් රන් සන්නසක් අනුව සකස් කරන ලද්දක් බවත්ය.
තම වෙද පරම්පරාව පැවත එන්නේ රාවන රජුගේ කාලයේ සිට බව ඔප්පු කල හැකි සාක්ෂි තමන් සතු බවද කියා තිබුණේය.
ඔහු වැනි අයට මේ දේවල් කියන්නට රූපවාහිනී නාලිකා සැදී පැහැදී සිය ගුවන් කාලය වෙන්කිරීමද විශේෂිතය.
0 Comments