මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි, එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පවසයි.

අල්ලස් පැමිණිලි ගැන සලකා බලා මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි ඔහු පැහැදිලි කළේය.
 මේ වසරේ ජනවාරි පළමු වැනිදාට පසු සේවයට බැඳුණු අය පමණක් තවදුරටත් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරනු ඇති බවත් හෙළි කළේය.
ජනතාවගෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බලා මෙම රජය මෙම තීරණය ගෙන තිබෙන අතර  දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසක් අල්ලස් දැලට හසුව ඇත.