උණවටුන රූමස්සල කන්දේ පිහිටි සමුද්‍රගිරි විහාරස්ථානයේ සිරි උපරතන ධර්මදූත පිරිවෙනේ වැඩ සිටි 16 හැවිරිදි සාමණේර හිමිනමක අද (19) අලුයම හදිසියේ අපවත් වී තිබෙන බව වාර්තාවේ.
මෙම සාමණේර හිමියන් වහන්සේගේ මෑණියන් මියගොස් ඇති බවත් පියා ජීව්තවන බවත් දන්වා තිබෙන අතර සාමණේර හිමියන් හා පවුලේ තවත් අය මහණ කරවා ඇති බවද වාර්තා විය. හිමියන් බලන්නට පියා වරින්වර පැමිණෙන බවද පැවසේ.
අපවත්වීම සිදුවූ ආකාරය තවම නිශ්චිත නොවන අතර අද උදෑසන කුටියේ ඇතුළුවන දොර ළඟ ඇදවැටී සිටි බවට සාක්ෂි ලබාදී තිබේ.ෙ
සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශන සිදුකරයි.
0 Comments