අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් දී තිබේ.
පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට මේ ගැන උපදෙස් දුන්නාය.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය අශ්‍රිතව පැවැති අඩු පීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී නැගෙනහිර වෙරළ කලාපයට ඇතුළු වන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කරමින්
යම් ලෙසකින් ඉන් පීඩාවට පත් වන ජනතාවගේ අවතැන් කදවුරු ලෙස පාසල් භාවතා කිරිමට සිදු වනු ඇතැයිද දන්වා තිබේ.
මෙම අයහපත් කාළගුණය නිසා ඇති විය හැකි සුළිකුණාටු, අධික වර්ෂාව නිසා සිදු වන ජලගැලීම් වැනි ආපදාවන්ගෙන් කල්වේලා ඇතිව ජනතාව බේරා ගැනීම සදහා මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමට නියමිතය.
මීට පෙර එක් පාසලක අවතැන් පවුල් බොහෝමයක් රදවා තැබීම සම්ප්රදාය වුවත් මෙවර කොවිඩ් - 19 වෛරසය පාලනය කිරිමේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අවතැන් කදවුරු පවත්වාගෙන යාමට සිදු වන නිසා බොහෝ පාසල් ප්‍රමාණයක් අවශ්‍ය වේ.
සෞඛ්‍ය ආරකෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම අවතැන් කදවුරු පවත්වාගෙන යන ලෙසත් අවතැන් වන එක් පවුලක් එක් පංති කාමරයකට පමණක් සීමා කරන ලෙසත් ආණ්ඩුකාරවරිය දිස්තික් ලේකම් වරුන්ට උපදෙස් දුන්නාය.
0 Comments