පැයට කිලෝමිටර් සියයක වේගයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් පෙරේදා (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව හඟවැල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අවිවාහක තරුණයකු බව පොලිසිය කියයි.
ලුහුබදින අවස්ථාවේදී පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය වී ඇති බව ද පොලිසිය පවසයි. මෙම ත්‍රිරෝද රථය තරගාවලියක් සඳහා සකස් කළ එකක් බවට පොලිසිය සැක කරයි. පසුව ත්‍රිරෝද රථය පොලිස් බාරයට ගෙන පරික්ෂා කිරිමේදී ත්‍රිරෝද රථය පැදවූ රියැදුරු බලපත්‍ර තිබුණ ද ත්‍රිරෝද රථයේ වෙනත් කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් කිරිමට අපොහොසත් වූ බව ද පොලිසිය කියයි. තවදුරටත් පරික්ෂා කිරිමේදී ත්‍රිරෝද රථයේ සයිලන්සරය සහ එන්ජිම වෙනස් කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත්, ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පරික්ෂකවරයකුට ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
ත්‍රිරෝද රථය පොලිස් බාරයට ගන්නා අවස්ථාවේදී එහි එන්ජිම, සුක්කානම, රෝද තුන සහ තට්ටුව හැර වෙනත් කිසිදු උපාංගයක් සවි කර නොතිබූ බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
0 Comments