බ්‍රිතාන්‍යයේ විශේෂඥ වෛද්‍යවරයකු වශයෙන් මුහුණු පොතේ පෙනී සිටිමින් නීතිඥවරියකගෙන් රුපියල් කෝටි 3ක මුදලක් වංචා කළ නයිජීරියානු ජාතිකයන් සිවුදෙනකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකාර නයිජීරියානු ජාතිකයන් සිවුදෙනා මෙම වංචාව සිදුකර ඇති අතර එම මුදල් බැර කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ගිණුම්වලට බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවේ පසුවන නයිජීරියානු ජාතිකයන් අතරින් එක් අයකු වෙනත් අයකුගේ ඡායාරූපයක් මගින් බ්‍රිතාන්‍ය විශේෂඥ වෛද්‍යවරයකු ලෙස මුහුණු පොතේ පෙනී සිට ඇති අතර පැමිණිලිකාරිය එමගින් හඳුනාගෙන ඔවුන් අතර මිතුරු ඇසුරක් ගොඩනැගී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
හදිසි සේවා කටයුත්තක් සඳහා ඇෆනිස්ථානයට යන බව සැකකරු පවසා ඇති බවද අජිත් රෝහණ මහතා කීය.
එහි සිට කතා කරන මුවාවෙන් පැමිණිලිකාරියට ඇමතුම් දී ඇති සැකකරු තමාගේ ක්‍රෙඩිට් කාඩ් පත අස්ථාන ගතවී ඇති බවත් එම නිසා බ්‍රිතාන්‍යයට එන තෙක් තමන්ට මුදල් ලබා දෙන ලෙසට පැමිණිලිකාරියගෙන් ඉල්ලීමක් කර ඇති බවත් අජිත් රෝහණ මහතා පැවසීය.
ඒ අනුව පැමිණිලිකාරිය දෙසැම්බර් මස 5-7,8 යන තෙදින තුළ සැකකරු දුන් ගිණුම් දෙකකට රුපියල් කෝටි 2 ක මුදලක් බැර කර ඇති බව ද හෙතෙම කීය.
තමා සමග ඇෆ්ගනිස්තානයේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් දෙදෙනකු සිටින බවත් ඔවුන්ගේ ගිණුම්වලට මෙම මුදල් එවන ලෙසට සැකකරු කළ දැනුම් දීමට අනුව පැමිණිලිකාරිය මෙම මුදල ඉහත ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගේ ගිණුම්වලට බැර කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මුදල් බැර කිරීමෙන් පසුව සැකකරු මුහුණු පොතෙන් ඉවත් වී ඇති අතර තමා වංචාවකට හසු වී ඇති බව දැන ගෙන පැමිණිලිකාරිය සිද්ධිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
ඒ අනුව පරික්ෂණ පැවැත් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් නයිජීරියානු ජාතිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව මුදල් ලබා ලබා ගැනීම සඳහා ගිණුම් අංක දුන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ප්‍රධාන සැකකරු වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිමින් මෙම වංචාව සිදුකර ඇත්තේ මෙරට දී බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය. මෙම අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් ළඟ වංචා කළ මුදලින් ලක්ෂ 10 ක මුදලක් තිබී ඇති අතර රුපියල් ලක්ෂ 85 ක් සහිත ගිණුමක් පොලීසිය විසින් අත්හිටුවා ඇති බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය. මුහුණු පොත හරහා ලොතරැයි දිනුම් සහ විවිධ ත්‍යාග එවන බවට පවසා මුදල් ඉල්ලන වංචාකරුවන්ට අසු නොවන ලෙසට පොලිසිය ජනතාව කොතෙක් දැනුවත් කර තිබියදී ඇතැමුන් තවමත් මෙවැනි වංචනිකයන්ට හසුවීම කනගාටුවට කරුණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සැකකරුවන් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- ඉන්දිකා රාමනායක -
0 Comments