පෙරේදා (24)  සවස ශ්‍රී ලංකාවට කොත්තමල්ලි තොගයක් මුවාවෙන් යුක්‍රේනයේ ඇග්‍රොනිකා නමැති සමාගම හරහා කෘෂි අපද්‍රව්‍ය තොගයක් ගෙන්වා තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පැවසුවේ 
පිටකොටුවේ ව්‍යාපාරිකයන් 08 දෙනෙකු අදාළ සමාගමින් ඇණවුම් කළ රුපියල් කෝටි 07ක් වටිනා
කොත්තමල්ලි තොගයක් වෙනුවට කෘෂි අපද්‍රව්‍ය තොගයක් ලංකාවට එවා ඇති බව අනාවරණයවී ඇති බවයි.
යුක්‍රේනයේ ඇග්‍රොනිකා සමාගම පසුගිය 10 වැනිදා  කොත්තමල්ලි අඩංගු බවට සටහන් කළ බහාලුම් 08ක් ද 21 වැනිදා බහාලුම් 20ක් ද ලංකාවට එවා තිබූ අතර ඉන් 04ක් කොළඹ වරාය බහාලුම් අංගනයේ මුලින් තැන්පත් කර තිබුණි. එම අවස්ථාවේ එක්වරම මේවා වෙනත් දෙයක් බවට සැකකර නැති අතර
බහාලුම් 28 සඳහා යුක්‍රේනයේ ආහාර සුරක්ෂිත හා පාරිභෝගික ආයතනයේ ශ්වස්ථතා සහතියක් ද  ඉදිරිපත් කර තිබුණි.
නමුත් වැලිගම්පිටිය රේගු බහාලුම් අංගනයේ දී රේගු පාරිභෝගික ආරක්ෂක අංශ
නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්  මෙකී බහාලුම් පරීක්ෂා කර බලන විට හෙළිව ඇත්තේ ඒ සියල්ල තුළ අන්තර්ගතව ඇත්තේ කොත්තමල්ලි නොව, කෘෂි ශාඛ අපද්‍රව්‍ය බවය.
බාසල් සම්මුතියට අනුව කෘෂි අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම සපුරා තහනම් කර තිබෙන අතර ශ්‍රී ලංකාව ද එම සම්මුතියට අත්සන් තබන ලද රටකි.

කෘෂි ශාඛ අපද්‍රව්‍ය ආනයනය කිරීම ශ්‍රී ලංකා රජයේ 1999 අංක 35 දරන ශාඛ ආරක්ෂණ පනත යටතේද නීති විරෝධීය.
ඒ අනුව අදාළ තොගය රේගු පාරිභෝගික ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
ව්‍යාපාරිකයන් පිරිසක් කොත්තමල්ලි තොගයක් මුවාවෙන් මේවා ඇනවුම් කර විශාල ලාභයක් යුක්රේනයක් අපේක්ෂා කර ඇති බව හඳුනාගන්නට ලැබී තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, අදාළ බහලුම් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බවය. නෛතික කටයුතුවලින් අනතුරුව ඒවා යුක්‍රේනයට ප්‍රති අපනයනය
කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අතර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, අදාළ බහාලුම් සම්බන්ධව යුක්රේනයේ පරිසර අධිකාරියට දැනුම්දීමට හැකියාවද පවතින බවය.