ඊයේ දිනයේ මාධ්‍ය තුළ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නොමිලේ බෙදාදුන් පැණිය හා එය ආශ්‍රිත පොකුරක් නිර්මාණය වීම පිළිබඳ අවදානමයි. මෙය සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල අදහසක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මෙසේ කියයි.
කැගල්ලේ වැක්සීන් එක පර්යේෂණාගාරයක ඔප්පු කළේ නම් ලංකාවේ ආර්ථිකයට මොකවත් අවශ්‍ය නැත. එය ලෝකයේම ආදායමක් ලැබෙන දෙයක් කරගෙන විකුනාගත හැකිය. නමුත් එහෙම දෙයක් මේකට කරන්නේ නැත. ජනවිඥානය හරහා මිත්‍යා ක්‍රියාකාරකම් වලින් ජනතාව ඉහළට ගෙනවිත් ජාතිය ආගම විකුනා අවසානයේ මුට්ටිය ගගේ දැමීම දක්වාද ගෙනවිත් මෙය තල්ලු කර හරින මාර්කට්ටුව මෙතැනය. අවසානයේ නත්තල් පොකුරට කලින් ඊළඟ පොකුර බවට පත්කරන්නට යන්නේ මෙයයි.
මීගමුවෙන් ඇතිවේ යයි හිතෙන නත්තල් පොකුර කල් ඇතිවම කෑගල්ලේ වෙද මහතාගේ පොකුර ලෙස මතුවිය හැකි යයි ඊයේ එහි ජනතාව හැසිරුණ ආකාරයෙන් පෙනී යන්නේය.
'බාසුන්නැහේ වෙදෙක්වීම' ගැනදැන් කතාවෙන්නේය. එවැනි සිදුවීම් කිහිපයක් ලංකාවේ මීට පෙරත් සිදුවූ බව දන්නෝ දනිති. බන්දුල දිසානායක නමැති 'හිත හොඳ චණ්ඩියා' චිත්‍රපටයේ නළුවා පසුකලෙක ෆයිබර් වලින් තැනූ සිප්පිකටු ගෙන්වා වාලම්පුරි ලෙස විකුණා කෝටිපතියෙකුවූයේය. මේ ආකාරයටම ෆෙන්ෂුයි නමින් ප්‍රකටවූ ආසිරි වනිගරත්න පේමන්ට් වෙළෙඳපොළේ විවිධ දෑට නොයෙකුත් අර්ථ ගන්වා මිලියනපතියෙකු වූයේය. මංජුල පීරිස් දෙරණට එන්නට පෙර මොරටුවේ ඔහුගේ අදහස් වැපිරුවේය.
මේ සියලු දෙනාගේ පොදු ලක්ෂණය ගමේ අය සමග සම්බන්ධතා නොපැවැත්වීමය.
ගාල්තැන්නේ කපුවා ගාවට නුවර ගොස් පුදපූජා කළ අය ඔහුගේ දේවාලයට යද්දී කළමනා මිලට ගන්නේ ඔහුගේම කඩයෙන්ය. ගමේ වෙනත් කඩවල් වලින් ඒවා ගැනීම ඔහු වළක්වා ඇත්තේ ගමේ අය ඔහු ගැන ඇත්ත ඇති සැටියෙන් විවිධ කෙලාම් කියන නිසා එම සන්නිවේදනය වැළැක්වීමටය.
කෑගල්ලේ පැණිය ගන්නටත් ගමේ අය ආවේ නැත. හේතුව ඔහු ගැන ගමේ අය දන්නා නිසාය. මීවැල්ලාවේ උප්පරවැට්ටියට රැවටී එදා කොළඹ සිට වාහනවලින් ආ පිරිසගේ වාහන නවතා තණකොළ මිටි දෙමින් ගමේ අය තණකොළ දන්සලක් දුන්නා මතකය. එසේ කළේ උඹලා ගොන්නු වුණාට අපි ගොන්නු නොවේ කියන්නටය.
කෑගල්ලේ පැණිය ගැනීමට පැමිණි පිරිස් මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියේ අය වීම විශේෂිතය. ඔවුන් ඇතැමුන් පැමිණියේ බීඑම්ඩබ්ලිව් වාහන වලය. මේ පිරිස් ඔස්සේ පැණිය ගැන ලැබෙන ප්‍රචාරය මෙය ඇත්තක් යයි ජනතාවට ඒත්තු ගැන්වීමට ප්‍රබල උදව්වක් කර ඇත. වැදගත් උගත් බුද්ධිමත් අයත් පැණිය පිළිගන්නවා...යන්න පෙන්වීමට එයින් හැකිය.
කෙසේ වෙතත් මේ අය 'පොෂ්' ලෙස පෙන්වූවත් සිතන්නේ සාම්ප්‍රදායිකවය. වාහනේ යට බැලුවොත් දෙහිගෙඩි එල්ලා තිබිය හැකිය.වාහනේ ඇතුලේ කතරගම දෙවියන්ට පුදපූජා පවත්වන දේ තිබිය හැකිය.
තමන්ගේ ප්‍රශ්න වලට ආවේශවූවන් සොයා යන මහාචාර්යවරුද ලංකාවේ සිටී. කලකට ඉහත සායි බාබා ශ්‍රාවකයින් ලෙස සිටි ඉහළ මධ්‍යම පන්තිය නිසා එම දහම කෙනෙකුට එක්වරම මිත්‍යාවක් යයි මතුවන සැකය දුරු කිරීමට ප්‍රබල හේතු සැපයීය.
මේ අය සිතන පතන විදිහ හා බුද්ධිය දෙකක් බව විද්‍යාව ගැන සරල අවබෝධයක් හෝ නැතිව ඔවුන් තෙරපෙන හැටි දකිද්දී හඳුනාගත හැකිය. දොළුකන්දේ ගියේත් මේ අයය. මීවැල්ලාවේ ගියේත් මේ අයය.
කෑගල්ලට මෙවර යන මේ මිනිස්සු අලුත් නැත. අලුත් විදිහට පෙනෙන්නේ සෝෂල් මීඩියා නිසාය.
මේ පහුගිය කාලය පුරාම සාස්තර කියමින් යන්තර මන්තර බඳිමින් ගෙන ආ ජනවිඥානයේ ස්වභාවයයි. ඇමතිවරු මුට්ටිය ගගට දාන තැනට ගෙන ආ ජන විඥානයයි. ඕන පැණියක් ඕන ගොංකමක් විකුණාගන්න පුළුවන් තැනට දැන් එය පැමිණ ඇත.
ඉතිහාසය බලද්දී අනුරාධපුරයේ වෑල්ඩින් වෙදෙකුද ලංකාවට සිටි බව මතකය. ඔහුගේ සුවකිරීම් ඇත්තක් වූයේ නම් ලෝකයටම වෙදකම් කර ලංකාවේ ආර්ථිකය නංවන්න එම තැනැත්තාට හැකියාව තිබුණි.නමුත් එවැන්නක් සිදු වන්නේ නැත.
කැගල්ලේ වැක්සීන් එක පර්යේෂණාගාරයක ඔප්පු කළේ නම් ලංකාවේ ආර්ථිකයට මොකවත් අවශ්‍ය නැත. එය ලෝකයේම ආදායමක් ලැබෙන දෙයක් කරගෙන විකුණාගත හැකිය. නමුත් එහෙම දෙයක් මේකට කරන්නේ නැත. ජනවිඥානය අලෙවි භාණ්ඩයක් බවට හරවා ඇත.
උපුල් ශාන්ත සන්නස්ගල දැක්වූ සම්පූර්ණ අදහස පහත වීඩියෝවෙන්
0 Comments