‘කොවිඩි-19" හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොපෙ ඕ ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ආසාදිත අයකු ඇසුරු කළ බව දැනගත් විගස රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පී.සී.ආර්. පරික්ෂණයකට ද යොමුකර තිබෙන අතර එහිදී ඔහුට වයිරසය ආසාදනය වී නැතැයි තහවුරු වී තිබේ. “රාජ්‍ය ලේකම්වරයා කොවිඩ්-19 ආසාදිතයකු ආශ්‍රය කර ඇතැයි දැනගන්නට ලැබී තිබෙනවා.
“රාජ්‍ය ලේකම්වරයා පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කළා. එයින් ඔහුට වයිරස ආසාදනය වී නැති බව (නෙගටිව්) තහවුරු වුණා. රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව ඔහු ස්වයං - නිරෝධ්‍යයනයට යොමු කළා. දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායම සමීපව, රාජ්‍ය ලේකම්වරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කරනවා" යැයි ද එම ප්‍රකාශකයා කීය. රාජ්‍ය ලේකම්වරයා ආසාදිත රෝගියා ආශ්‍රය කළේ කෙසේ ද යන්න හෝ රාජ්‍ය ලේකම්වරයා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ ද යනාදිය සම්බන්ධයෙන් කළ විමසීම්වලට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රතිචාර නොදැක්වූ බව ද ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
0 Comments