
වව්නියාවේ පෙපරියඋළුක්කුලම් ජනඋදා ගම්මානයේ 52 හැවිරිදි කාන්තාවක හදිසියේම ඊයේ(26) රාත්‍රියේදී මිය යාමෙන් පසු ඇය කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙන තිබෙයි.
සිද්ධියෙන් පසු එම ගමට සංචරණ සිමා යොදා ඇත.
අද (27) උදෑසන සිට ආශ්‍රිතයින් හඳුනාගමනිමින් පී.සී.ආර් පරික්ෂණයන් සිදු කිරීමටද සෞඛ්‍ය පරික්ෂක වරුන් පියවර ගෙන ඇත.
පෙරියඋළුක්කුලම ජනඋදා ගම්මානයේ සිටි එම මියගිය කාන්තාව මිය යාමට ප්‍රථමයෙන් පැවති අසනීප තත්වය හේතුවෙන් රෝහල් ගතකර ඇති අතර අනතුරුව රෝහලේදී කරන ලද PCR පරීක්ෂණයේදී ආසාදිත බව සොයාගෙන තිබේ. පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකොට යැවීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ .
Comments
Post a Comment
Your comment will be visible after approval