මත්ද්‍රව්‍ය භාවිත කිරීමට නොහැකිවීම හේතූවන් නොසන්සුන්තාවටපත් වරකාපොල කොරෝනා ප්‍රතිකාර  මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් පෙරේදා (09) කන්දකාඩු රෝහල වෙත මාරුකර යැමට කටයුතු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසිය.  වරකාපොල පැරැණි රෝහල් ගොඩනැගිල්ල මේ වනවිට කෝවිඩ් 19 රෝගීන් සඳහා වෙන් කර ඇති අතර එහි විවිධ ප්‍රදේශවල පදිංචි 175 දෙනකුට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබති. ඔවුන් අතරින් තදින් මතට ඇබ්බහි වූවන් 21 දෙනකු
පමණ මෙලෙස කන්දකාඩු කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සෞඛ්‍ය අංශ  විසින් කටයුතු කර ඇත.  මතට ඇබ්බැහි වූ බව කියන පුද්ගලයකු පසුගිය 8 රාත්‍රියේ මෙම රෝහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ ජනේලයක් මතට  නෙරා ඇති අඹ අත්තක ආධාරයෙන් බිමට බැස සිටියදී රෝහල් කාර්යය මණ්ඩලය හා ආරක්ෂක අංශ මැදිහත් වී නැවත රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබිණ.


මෙලෙස රෝහලට තුළදී මත්ද්‍රව්‍ය භාවිත කිරීමට  නොහැකිවීම හේතුවෙන් නොසන්සුන්තාවට පත්වන රෝගීන් නිරන්තරයෙන් රෝහලෙන් පැන යාමටද උත්සාහ දරන බව රෝහල් ආරක්ෂක අංශ පවසයි. මෙම පිරිස සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කන්දකාඩු රෝහල වෙත යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කර තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


- රුවන් පතිරණ -