කොරෝනා වසංගතයට එරෙහිව සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් කොරෝනා රෝගීන් සුවපත් කිරීමට
ලැබුණොත් ඊට එරෙහිව එන්නත් ඖෂධ නිෂ්පාදනය කරන රටවලින් ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය
හැකි බව ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා පවසයි.


තරගකාරී තත්ත්වයක් තුළ ලොව දියුණුවෙන් අඩු රටවල මතුවන හැකියාවන් ඔවුන් අවශෝෂණය කර ගැනීමට හෝ
යටපත් කරලීම කරන බවද නානායක්කාර මහතා කීය. එවැනි සාර්ථක දේශීය ඖෂධයක් අප වැනි පුංචි
රටක් සොයා ගතහොත් වැක්සීන් වැනි ඖෂධ හදන රටවලින් තර්ජනයක් එල්ලවීමේ හැකියාව තිබෙන බැවින්
අප දැඩි අවධානයකින් සිටිය යුතු බවද ඔහු කීය.

කෑගල්ලේ ධම්මික වෙද මහතා මෙන්ම තවත් හෙළ වෙද මහතුන්  කිහිප දෙනකු තවත් ඖෂධ සොයාගෙන ඇති
බව දැනගන්නට තිබෙනවා. ඇහැළියගොඩ වල්ගම දේශීය සෞඛ්‍ය නිෂ්පාදනාගරයෙන් ධම්මික මහතාගේ
ඖෂධ වට්ටෝරුවට අදාළ පැණියක් නිපදවා තිබෙනවා.

මෙම ඖෂධ රෝගීන්ට ලබා දී ලැබෙන ප්‍රතිඵල අනුව විශ්ලේෂණාත්මක රසායනික පරීක්ෂණයක් මඟින් එහි
ගුණ අගුණ පරීක්ෂණය කළ යුතුයි. එහෙත් තවම මෙවන් ඔෟෂධ භාවිතයෙන් නිට්ටාවට සුව වූ අයකු මට හමුවී
නැහැ. එහෙම අයකු ඉන්නවා නම් මම කැමැතියි ඔහු හමුවන්න.

අප වැනි රටක මෙවැනි ඖෂධයක් සොයා ගත හොත් ලෝකය ඉදිරියේ රටක් හැටියට අපට ජයක් ලැබෙනවා.

බටහිර රටවල් සොයා ගත් එන්නත තවම ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැහැ.

එහිත් යම් යම් අඩුපාඩු ඇති බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. ඒත් WHO එක එය පිළිගතහොත් ආර්ථික
අතින් දියුණු අය එය භාවිත කරාවි.

අනිත් අය අපි නිපදවන දේශීය ඖෂධ භාවිත කරාවි.

ඖෂධයේ ගුණ අගුණ මිස එය හදන මනුස්සයාගේ තොරතුරු සොයන එක නෙවෙයි කළ යුත්තේ.” යැයිද
ඇමැතිවරයා කීය.