"වත්තල කියන්නේ කුණු ගොඩක් නෙවෙයි. ලංකාවේ කැළි කසළ වත්තලට ගේනවා. මුතුරාජවෙල අභය භූමිය විනාශ වෙලා. එසේම එක්තරා ව්‍යාපාරිකයෙකු මුතුරාජවෙල අභය භූමියේ අක්කර 600ක් අල්ලාගෙන නීති විරෝධී වැඩ කරනවා.
මේ සියලු දෙනාට විරුද්ධව නීත්‍යනුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ගන්නේ" යැයි ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ඊයේ (20) වත්තල දික්ඕවිටදී පැවසීය. කෙරවලපිටිය කර්මාත්තපුර ප්‍රවේශ මාර්ගය කාපට් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය. මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ රුපියල් මිලියන 123ක වියදමින් කිලෝමීටර් 2.2ක මාර්ගය කාපට් කිරීමට නියමිතය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "මෙම මාර්ගය තමයි වත්තල ප්‍රධානතම මාර්ගය. මෙම කර්මාන්තපුරයේ විදුලි බලාගාරය, ගස් කර්මාන්තශාලාව, ඛනිජතෙල් නීතිගත සංස්ථාව ආදී වැදගත් ආයතන ඇති ප්‍රදේශයක්. බොහෝ දෙනකුට රැකියා උත්පාදනය කර දී ඇත්තේ මෙම කර්මාන්ත පුරයයි. මෙම මාර්ගය කාපට් වනවා සේම ඇවිදීමේ මංතීරුවකුත් නිර්මාණය කරනවා. මෙමගි වත්තලට විශාල අලංකාරයක් ගෙන දෙවි.
කොළඹ දිස්ත්‍රික්කයත් ගම්පහ දිස්ත්‍රික්කයත් එක්වන ගම වත්තලයි. වත්තල නගරය කොළඹ දිස්ත්‍රික්කයට සම්බන්ධ කර එය කොළඹ 16 ලෙස නම් කිරීමටත් මා කටයුතු කරනවා. අපි හදන මෙම මාර්ග කිසිවක් කොන්ත්‍රාත්කරුවන්ට දෙන්නේ නැහැ.
අපේ මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු අංශයේ දක්ෂ ඉංජිනේරුවරු මෙන්ම දක්ෂ නිලධාරින් ඉන්නවා. ඒ අය තමයි මේ සියලු කාර්යන් කරන්නේ. වත්තල මාබෝල නගර සභා බල ප්‍රදේශයේ වගුරුබිම් රැසක් ගොඩකරමින් දේශපාලනඥයන් හොදින් මුදල් හම්බ කරනවා. මේ ගොඩකිරීම් නිසා වත්තල නිතරම වතුර උවදුරුවලට ලක් වෙනවා.
මේ අනවසර ගොඩකිරීම් සහ ඉදිකිරීම් වහාම නවතා දමන්නට මා පියවරක් ගන්නවා. මෙහිදී පුද්ගලික හිතවත්කම්වලට කිසිදු ඉඩක් නැහැ. වත්තල නගරය මතු පරපුරට ආරක්ෂා කරදීමට මම පොදුජන පෙරමුණේ වත්තල ආසන සංවිධායක ලෙස කටයුතු කරනවා.” යැයිද පවසා සිටියේය. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරුන් වන රන්දීර් රුද්‍රිගු , ඩිල්ෂාන් ජයවර්ධන, වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති ත්යගිරත්ත අල්විස්, උපසභාපති ජගත් ජයතුංග වත්තල මාබෝල නගර සභාවේ විපක්ෂ නායක මොහොමඩ් නවුෂාඩි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
-සරත් චින්තක-
0 Comments