පොලොන්නරුව, වැලිකන්ද කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
මෙම වෙද්‍යවරුන් දෙදෙනා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිට කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට රාජකාරී සඳහා පැමිණ ඇත්තේ පසුගිය 25 වනදා ය. එසේ පැමිණ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් පසු එම වාර්තා ලැබෙන තෙක් රාජකාරී සඳහා යොමුවී ඇති බවත් ඊයේ (26) එම වාර්තා ලැබී ඇති අතර එම වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොවිඩ් – 19 ආසාදිනය වී ඇති බව යැයි පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ප්‍රකාශ කරයි.
මේ වනවිට එම වෛද්‍යවරුන් දෙදෙනා පොලොන්නරුව දිස්ත්‍රික් මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයිද ඔවුන් දෙදෙනා සමඟ රාජකාරී කළ ආශ්‍රිතයන් ලෙස හෙද කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 10 දෙනෙකු දැනට හඳුනාගෙන සිටින බවත් ඔවුන් පොලොන්නරුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙක නිරෝධායනය සඳහා යොමුකල බවද විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික මහතා කීය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආශ්‍රිතයන් තවත් පිරිසක් හඳුනා ගැනීමට සිටින බවත් එම කටයුතු අවසන්වීමෙන් පසු එම පිරිසද නිරෝධායනය සඳහා යොමුකරන බවත් රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසයි.
0 Comments