ඇඳුම් අරන් දෙන්න යැයි පවසා 12 හැවිරිදි දැරියක රවටා ගෙන නිවසෙන් රැගෙන ගොස් බරපතළ ලිංගික අතවරයක් සිදු කළ 34 හැවිරිදි පුද්ගලයෙක් වැලිපැන්න පොලිසිය අත්අඩංගුවට ගනු ලැබ සිටී.
වැලිපැන්න පොලිස් වසම් මීගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
දැරියගේ පියා විසින් පසුගිය 12 වනදා අලුයම වැලිපැන්න පොලිස් ස්ථානයට පැමිණ නිවසේ හිද සිටි තම දියණිය නිවසේ නොමැති බවට පැමිණිලි කර ඇති අතර
සැකකරු විසින් දැරියට බරපතළ ලිංගික අතවරයක් සිදු කර ඇති බවට දැරියගේ ප්‍රකාශ වලින් හෙළි වීමත් සමග නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමේ වරදට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා අනුබල දීමේ වරදට නිවසේ හිමිකරුවා ද අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.ආර්.ඒ. ගුණස්කර මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- බන්දු තඹවිට -
0 Comments