පුද්ගලයන් 62 දෙනෙකු රැගත් ශ්‍රීවිජය නමැති බෝයිං 737 මගී ගුවන් යානයක් ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා සිට ගුවන් ගත වූ සැණින් මුහුදට කඩා වැටී තිබේ.
බටහිර කාලිමන්තන් පළාතේ පොන්තියානාක් වෙත යන ගමනේදී මිනිත්තු හතරක් රේඩාර් වලින් ශ්‍රීවිජය ගුවන් යානය අතුරුදහන් විය.
ගුවන් ගමන් නිරීක්ෂණ ෆ්ලයිට්රාඩාර් වෙබ් අඩවියට අනුව එය විනාඩියකටත් අඩු කාලයකදී මීටර් 3,000 (අඩි 10,000) ට වඩා පහත වැටී ඇතැයි පෙන්නුම් කරන ලදි. මේ ගැන කළ පරීක්ෂාවේදී පිපිරීමක් සිදුවනු දුටු අය සිය සාක්ෂි ලබාදී තිබේ. ධීවරයකු පවසා ඇත්තේ තමා අනතුරක් දුටු බවත් ඉන් පසු නැවත ගොඩබිමට යාමට තීරණය කළ බවත්ය.
"යානය අකුණු සැරයක් වගේ
යානය අතුරුදහන් වූ ස්ථානය අසල දූපතක පදිංචිකරුවන් ගණනාවක් බීබීසී නාලිකාවට කියා ඇත්තේ යානයෙන් යැයි සිතන වස්තූන් සොයා ගත් බවයි.
ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යාංශය පැවසුවේ සෝදිසි කිරීමේ හා ගලවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවයි.
යානය සෙවීම සඳහා ඉන්දුනීසියානු නාවික හමුදාව යොදවා ඇති බව වාර්තා වේ. නාවික හමුදා නිලධාරි අබ්දුල් රසීඩ් රොයිටර් පුවත් සේවයට පැවසුවේ යානයේ ඛණ්ඩාංක අනුව නැව් එම ස්ථානයට යොදවා ඇති බවයි.
පසුගිය කාලයේ දෝෂ රැසක් ඇතිවූ හා මාරාන්තික අනතුරු දෙකක් වාර්තාවූ බොයිං සමාගමේ 737 මැක්ස් යානයක් නොවන බවත් මෙය බෝයිං 737-500 වෙනත් වර්ගයක් බවත් බලධාරීන් තහවුරු කර ඇත.
වසර 26 ක් තිස්සේ ධාවනයේ යෙදවූ හොඳ තත්වයේ පැවති යානාවකි.
අනතුර සිදුවන අවස්ථාවේ අධික වර්ෂාවක් පැවතී ඇති අතරඅධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගත වීම විනාඩි 30 ක් ප්‍රමාද වී තිබුණි.
සිද්ධිය සිදුවූ අවස්ථාවේ දේශීය වේලාවෙන් 14:40 ට අවසන් ඇමතුම යානයෙන් ලැබී තිබේ. බෝර්නියෝ දූපතේ බටහිර දෙසින් පිහිටි පොන්තියානාක් වෙත සාමාන්‍ය ගුවන් ගමන් කාලය විනාඩි 90 කි මෙම ගමනේ මිනිත්තු 4 ක් යද්දීම යානය අතුරුදන් විය. එයාර් මාෂල් බගුස් පිරුහිටෝ පවසන පරිදි යානය ආපදා සංඥාවක් එවා තිබුනේ නැත..
යානයේ ධාරිතාව අනුව 130 කට ගමන් කළ හැකිවුවද සිද්ධිය වන අවස්ථාවේ මගීන් 50 දෙනෙකු (ළමුන් හත් දෙනෙකු සහ ළදරුවන් තිදෙනෙකු ද ඇතුළුව) හා කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ද වූ අතර
සියල්ල 62 ක් සිට ඇත. යානයේ සිටි සියල්ලන්ම ඉන්දුනීසියානු ජාතිකයින් බව බලධාරීහු පවසති.
2003 දී ආරම්භ කරන ලද ශ්‍රීවිජය එයාර් ඉන්දුනීසියානු සහ අග්නිදිග ආසියානු ගමනාන්ත වෙත පියාසර කරන දේශීය අඩු වියදම් ගුවන් සේවයකි.
0 Comments