නව වසරේ උදාව සැමරීම සඳහා ඥාතීන් සමඟ ගාලුමුවදොර පිටියට ගොස් යතුරුපැදියකින් නැවත නිවසට එමින් සිටි 18 හැවිරිදී පාසල් සිසුවකු මෝටර් රථයක ගැටී සිදු වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, පිටකෝට්ටේ, පාගොඩ පාර, ආනන්ද බාලිකා මාවතේ, පදිංචිව සිටි උසස් පෙළ හදාරන සිසුවකු බව ද පොලිසිය කියයි.
එම සිසුවා තවත් ඥාතීන් පිරිසක් සමග ගාලුමෝදර පිටියට ගොස් පෙරේදා (02)
පැදිකරු සමග ගාලු මුවදොර පිටියට ගිය ඥාතීන් යතුරුපැදිය පිටුපසින් ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති අතර අනතුරින් විනාඩි පහළොවකට පමණ පසු ඔවුන් ද එම ස්ථානයට පැමිණ ඇතැයි පොලිසිය කියයි. ඒ සමගම අනතුරින් තුවාල ලබා සිටි පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය මහරගම හදිසි මරණ පරික්ෂක සාම විනිසුරු එච්.එම්. ඩග්ලස් රූපසිරි මහතා විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි මරණ පරික්ෂණ අධිකරණයේ දී සිදුකරනු ලැබීය.
කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජේ.පී. අබේසිංහ මහතා විසින් නිකුත් කරන ලද පශ්චාත් මරණ පරික්ෂණ වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි අනුව, හිසට පපුවට හා උදරයට වූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බව හදිසි මරණ පරික්ෂකවරයා නිගමනය කළේය. අනතුර සිදු කළ මෝටර් රථ රියදුරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- ශාන්ත ප්‍රදීප්කුමාර කුලරත්න -
-------
[Send your emails to editor - editor@gossiplankanews.com]
0 Comments