කිරිඳිවැල ප්‍රදේශයේ ආබාධ සහිත රෝගී දරුවකුට ප්‍රතිකාර සදහා යැයි කියමින් ජනතාව රවටා මුදල් එකතු කරමින් සිටි දෙදෙනකු 21 දා උදෑසන නිට්ටඹුව නගරයේදී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය පවසයි. දුරකතන ඇමතුමකට අනුව
මොවුන් දෙදෙනා සමග තවත් පිරිසක් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඔවුන් ද අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ පවත්වාගෙන යන බව නිට්ටඹුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අල පෙරේරා මහතා පැවසීය. කොරෝනා වසංගතය හමුවේ අසරණ වී සිටින සාමාන්‍ය ජනතාව බැංකුවලින් සුළු මුදලක් ලබාගෙන පිටතට පැමිණෙන අවස්ථාවල ඔවුන් මානසික වශයෙන් පීඩාවට පත්කර මුළාවේ දමමින් වංචාවෙන් මුදල් ලබා ගන්නා බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත. මොවුන්ගේ කල්ලියේ තවත් පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ අයුරින් වංචාවෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් කරගෙන යන බව ද වැඩිදුරටත් කරන ලද පරික්ෂණවලදී හෙළි වී ඇත.
-ආනන්ද ඉ. ජයකොඩි-
0 Comments