විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 69,000ක් මෙරටට පැමිණීම සඳහා ලියාපදිංචි වී ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි. මේ පිළිබඳ කළ විමසීමකදී එහි අධ්යක්ෂ ජනරාල් කාදීපන් බාලසුබ්රමනියන් මහතා පවසා සිටියේ මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 61,000කට වැඩි පිරිසක් මෙරටට ගෙන්වා අවසන් බවයි.
බලාපොරොත්තු නොවූ පරිදි රට තුළ කෝවිඩ් පොකුරු නිර්මාණය වී තිබීම හේතුවෙන් උද්ගත වූ තත්ත්වයන් මත එලෙස ගෙන්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් 65%ක් නිරෝධායනය සඳහා හෝටල් වෙත යොමු කිරීමට සිදු වූ බවද ඒ මහතා පවසා සිටියේය. එමෙන්ම මෙරටට ගෙන්වන ශ්‍රී ලාංකිකයන්ගෙන් 35%ක් රජය මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද ඒ මහතා සඳහන් කළේය.
-නවෝද්‍යා පවනී-
0 Comments