
සිය විද්‍යාලයේ ආදි සිසුන් සමග ඇතිවූ විරසකයක ප්‍රතිඵලයක් ලෙස කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ.
රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ බී.ඒ. අබේරත්න මහතා කලෙක සිට ප්‍රධාන විදුහල් කිහිපයක ප්‍රධානීයා ලෙස කටයුතු කර අත්දැකීම් රැසක් සහිතවූ විදුහල්පතිවරයෙකි. පසුගිය කාලයේ අවස්ථා කිහිපයක ආදි සිසිනු සමග ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගේ අවසන් ප්‍රතිඵලය වූයේ විදුහල්පතිවරයාට ඉල්ලා අස්වන්නට සිදුවීම බව තතුදත් ආරංචි වාර්තා කර තිබේ. ඉල්ලා අස් වීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වෙත පසුගිය සතියේ භාර දී ඇත.
ඔහුගේ වැඩ බැලීමට තාවකාලිකව නියෝජ්‍ය විදුුහල්පතිවරයාව අධ්‍යාපන අමාත්‍යංශය මගින් පත්කර ඇති අතර අබේරත්න මහතාට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ තනතුරක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval