
අලුත්ගම, පයාගල, බේරුවල, පොලිස් වසම් තුනෙහි ගත වූ දින විසි හතරක් තුළ පුද්ගලයන් 2703 දෙනකු වෙනුවෙන් වීට සිදුකරන ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පුද්ගලයන් 75 දෙනකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ඊයේ පැවසීය. බස්නාහිර පළාත් මායිමේ අලුත්ගම
පොලිස් වසම තුළ ගාලු පාරේ දී අවස්ථා 18 කදී 1894 දෙනෙක්ද, ධර්ගා නගරයේදී 254 දෙනකුද බේරුවල නගර සභාව සහ ධීවර වරාය පරිශ්‍ර තුළ දී 265 දෙනකුද පයාගල පොලිස් වසමේ මග්ගොන අක්කර මලේ දී 29 දෙනෙකුද වන ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා පුද්ගලයන් 2703 දෙනෙකු පොලිස් සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් ලක්කර තිබේ.
දර්ගා නගරයේ දී පෙරේදා 10 දින සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 04 දෙනෙකුට සහ තවත් දෙදෙනකු ඇතුළු 06 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගත් බව අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.
-තුසීත කුමාර සිල්වා-
Comments
Post a Comment
Your comment will be visible after approval