ජෝ බයිඩන් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස අද දිවුරුම්දීමට නියමිතයි. මින් ඉහත කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ කඩාකප්පල්කාරී සිද්ධිය නිසා
වෙන කවරදාකවත් ඇමරිකානු ජනපති දිවුරුමක් වෙනුවෙන් නොකළ අතිරේක ආරක්ෂාවක් මෙදින යොදවා ඇත.
ආරක්ෂක භටයින් 25,000 ක් යොදා වොෂිංටනයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. මේ නිසා වොෂින්ටන් ඩීසී අගනුවර
වොෂින්ටන් නුවර ඇතැම් කඩසාප්පුද වසා දැමීමට පියවර ගෙන තිබෙයි. කලහකාරී සිද්ධියක් ඇති වීමට කිසිඳු ඉඩකඩක් නැති බව වොෂීන්ටන් නගරාධිපතිවරයා පවසයි. බයිඩ්න්ගේ දිවුරුම්දීමට සමගාමීව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමුගැනීම ද අද සිදු වන අතර සාමාන්‍ය ලෙස ජනපති දිවුරුමට හිටපු ජනපතිවරයා පැමිණ සුබපැතීම සිදුවිය යුතු වුවත් ඔහු අද නොපැමිණෙන බව පැවසේ.
ඡන්ද ගණනයේදී වංචාවක් සිදුවූයේය යන මතයේ ඔහු තවමත් සිටින බව පැවසේ.
මේ වනවිටත් දහස් සංඛ්‍යාත බයිඩන් ආධාරකරුවෝ පිරිසක් නව ජනපතිවරයාගේ දිවුරුම් දීම දැකබලා ගැනීම සදහා වොෂිංටන් නුවර වෙත ඇදෙමින් සිටිති. පසුගිය සිකුරාදා වොෂින්ටන් ඩීසීහි දැඩි රැකවල් සහිත ආරක්ෂක මුර පොළකදී වෙඩි උණ්ඩ 500කට අධික ප්‍රමාණයක් සහිත ස්වයංක්‍රීය ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට පත්විය. ඔහු වර්ජිනියා ප්‍රාන්තයේ සිට වොෂිංටන් අගනුවරට පැමිණෙමින් සිටි අයෙකු බව පැවසෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළග ජනපතිවරයා ලෙස පත්ව සිටින ජෝ බයිඩන් අද එම ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව විධායක නියෝග රැසකටම අත්සන් තැබීමට සූදානමින් සිටින බවද ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානී රොන් ක්ලේයින් පවසයි.
පසුගියදා ධවල මන්දිරයේ නව ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය වෙත මෙමෝ පණිවුඩයක් යවමින් ඔහු මේ බව දන්වා තිබේ. ඒ අනුව දැනට රට තුළ ව්‍යාප්තව ඇති COVID-19 වසංගතය,
අද වනවිට මෙම COVID-19 වසංගතය හේතුවෙන් එරට ලක්ෂ හතරකට අධික පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර, කඩා වැටි ඇති ආර්ථිකය හේතුවෙන් මිලියන ගණනකට රැකියා අහිමි වී තිබේ. ඒ අනුව මෙම තත්වය පාලනය සඳහා තමන් එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 1.9ක ආර්ථිකය යථාවත් කිරිමේ සැලසුමක් ඉදිරිපත් කරන බවද ජෝ බයිඩන් පසුගියදා පවසා තිබුණි. මේ අතර ට්‍රම්ප් ධුරයට පත්වීමත් සමග ක්‍රියාත්මක කළ මුස්ලිම් රාජ්‍යයන් 08ක සිට පැමිණෙන පුද්ගලයන් සදහා පැනවූ සංචරණ තහනම ඉවත් කිරීමටත්, පසුගිය නොවැම්බර් මාසයේදී ට්‍රම්ප් ඉවත් වූ පැරිස් දේශගුණික විපර්යාස එකඟතාව හා යළි සම්බන්ධ වීමටත් අදාළ විධායක නියෝග මෙහිදී බයිඩන් විසින් අත්සන් තබනු ඇතැයි පැවසෙයි.
0 Comments