යුක්‍රේන සංචාරකයින් පිරිසක් සමග තමන් බෝට්ටු චාරිකාවක නිරත වන ආකාරයැයි 
පවසමින් අන්තර්ජාලයෙහි සංසරණය වන වීඩියෝව වසර එකහමාරක් පැරණි එකක් බවත් එහි සිටින්නේ ඇවන්ට්ගාඩ් සමාගමේ කාර්ය මණ්ඩලයෙහි පිරිසක් මිස සංචාරකයින් පිරිසක් නොවන බවත් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දන්වා තිබේ.
පසුගිය දිනවල යුක්‍රෙන සංචාරකයින් දිවයිනට ගෙන්වා සත්කාර කිරීමේ ක්‍රියාවලියේ නවාතැන් සැපයීමට නිශ්ශංක සේනාධිපති මහතා සම්බන්ධ බවට කතා පැතිර ගිය අතර ඔහු සම්බන්ධ කරමින් වීඩියෝද සංසරණය වී තිබුණි.