ඇෆ්ගනිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කරන කාන්තා විනිසුරුවන් දෙදෙනෙකු නාඳුනන තුවක්කු කරුවන් විසින් මහමගදී වෙඩි තබා ඝාතනය කළ සිදුවීමක් වාර්තාවේ.
පසුගිය ඉරිදා ඔවුන් රියදුරෙකු පැදවූ රථයක නැගී වැඩට යමින් සිටියදී මෙම ඝාතනය සිදුව ඇත.
හිමිදිරි පාන්දර සැඟවී සිටි තුවක්කු කරුවන් පාළු ස්ථානයකදී කාන්තාවන්ට වෙඩි තබා ඝාතනය කර ඇති අතර, මෙම සිදුවීම නිසා ඔවුන්ගේ රියදුරු තුවාල ලබා ඇත.
ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ වෙනත් දේශපාලන පුද්ගලයින් ඉලක්ක කර ගත් ඝාතන මාලාවක් ඇෆ්ගනිස්තානයේ කලෙක සිට සිදුවන අතර එහි නවතම සිදුවීම මෙයයි. මෙම විනිසුරුවරියන් තලේබාන් සංවිදානයට එරෙහි අධිකරණ තීන්දු ලබාදීමට කටයුතු කළ අය බව වාර්තාවී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදාව රඳවා තිබෙන නමුත් මේ වනවිට ඔහුගේ ධූරයට අහිමිව යාම සමග එම හමුදා කණ්ඩ ඉවත් කරමින් පවතින බව පැවසේ. දැන් ඉතිරිව ඇත්තේ 2500 ක් පමණි.
රට තුළ එක්සත් ජනපද හමුදා අඩුවත්ම ප්රචණ්ඩත්වය මතුවනු ඇති බවට දේශපාලකයින් දන්වා තිබුණි.
මෙම සිදුවීම කාබුල්හි කලඊෆතුල්ලා ප්‍රදේශයේ සිදුවී තිබුණි.
තවම කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.
-(ජයනන්ද)
0 Comments