කෝවිඩ්-19 මර්දන චීන එන්නත මෙම සතියේදී බොහෝවිට ලියාපදිංචි කෙරෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්
ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන කෝවිඩ්-19 මර්දන එන්නත් පළමු තොගය අනිද්දා (27දා) දින දිවයිනට රැගෙන එන බවත්, ඒ අනුව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට එම එන්නත එන්නත් කිරීම එළඹෙන 28වැනිදා ආරම්භ කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ ඉන්දියාව, චීනය සහ රුසියාව සමග මේ වනවිට සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බවයි.
-නිදර්ශනි වික්‍රමසිංහ-
0 Comments