සමාජජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකථන යෙදුම් හරහා විවිධ වර්ගයේ මූල්‍ය වංචා සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
මෙම වංචාවන් බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදුකරන බව කියයි. එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ පහත සදහන් රහස්‍ය පාරිභෝගික තොරතුරු ඔවුන්ගෙන් ලබාගැනීමට මහජනතාව පොලඹවන බව සදහන් වේ.
1. හර/ණය කාඩ්පත්වල කාඩ්පත් අංකය, පුද්ගලික හැදුනුම්පත් අංක (PIN), කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදාගන්නා CVV,CVC හෝ CvS යන්නෙන් හැඳින්වෙන ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක, කාඩ්පතක් කල් ඉකුත් වන දිනය, ගනුදෙනු සහතික කිරීමේදී යොදාගන්නා එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP).
2. අත්තර්ජාල බැංකුකරණයේදී යොදා ගැනෙන පරිශීලක නාමය, රහස් පදය, OTP.
3. ජංගම බැංකුකරණයේදී (ගෙවීම් යෙදුම් යොදා ගන්නා පරිශීලක නාමය, රහස්පදය, OTP.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට පහත සදහන් උපදෙස් පිළිපදින ලෙස දැනුම් දීමක් සිදුකර තිබේ.
1. මුදල් ණයට දීමේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ මුවාවෙන් සිදුකෙරෙන වංචාවට ගොදුරු නොවී සිට නිසි උත්සාහයක් හා සැලකිල්ලක් දැක්වීම.
2. මූල්‍ය ගනුදෙනු සදහා ගිවිසුමකට එළඹීමට පෙර මහජනතාව ලෙස ඔබ, මූලය ගනුදෙනුව සහ ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම.
3. පහසු / ක්ෂණික යයෝජනා ක්‍රම සමග කටයුතු කිරීමේදී අතිශයින්ම සුපරික්ෂාකාරී වීම.
4. ගිවිසුම්වල නියමයන් සහ කොන්දේසිවල අන්තර්ගතයත් සම්පූර්ණයෙන් වටහා ගැනීම අපහසු නම්, එවැනි ගිවිසුම්වලට එළඹීමෙන් වැළකීම.
5. පහත දැක්වෙන ලක්ෂණ සහිත පහසු / ක්ෂණික ණය යෝජනා ක්‍රම සදහා අයදුම් කිරිමේදී පරිස්සම් වීම.
පළමු වැනි ණය සදහා ශුන්‍ය පොලිය වැනි ගනුදෙනුකරුවන් ආකර්ෂණීය කරන ආකර්ශනීය පාඨ.
ආරම්භක පොලී අනුපාත අඩු වුවද, පසුවට ඉතා ඉහළ පොලී අනුපාත අයකිරීම.
අඩු ලියකියවිලි අවශ්‍යයැයි කරන ප්‍රචාරයන්.
මුදල් ණය දෙන්නන් පිළිබද ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකිවීම.
ණය දීර්ඝ කිරම් ඉල්ලා සිටිය හැකි අතර, තත්වයන් නොතකා ඕනෑම අවස්ථාවක ලබාදීම.
ඉක්මනින් අනුමතිය ලබාදෙන බවට කරනු ලබන ප්‍රචාරයන්.
දුරකථනයේ ඇති සම්බන්ධතා ලැයිස්තුව, ඡායාරූප, ලිපිගොනු සහ ලේඛන වෙත ප්‍රවේශ වීමට අවසර ඉල්ලා සිටී.
මෙවැනි මුල්‍ය වංචාවලින් සුපරික්ෂාකාරීවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, තමන්ගේ රහස්‍ය තොරතුර, විශේෂයෙක්ම ගිණුම් පරිශීලක නාම, මුරපද, පුද්ගලික හැඳුනුම්පත් අංක, එක්වරක් පමණක් භාවිතා වන මුරපද, හෝ ගිණුම් වලට පිවිසීමේදී ගිණුම් හිමියාගේ අනන්‍යතාව තහවුරු කිරීම සදහා භාවිත කළ හැකි වෙනත් ඕනෑම රහස්‍ය තොරතුරක් අනකුත් පුද්ගලයන් සමග හුවමාරු කර නොගැනීමට පියවර ගත යුතු බවත්,දුරකථන භාවිත කරන්නන් විසින් ණය දෙන ආයතනවලට දුරකථනයේ ගබඩා කර ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමට අවසර ලබා නොදෙන ලෙසත් මහ බැංකුව අවධාරණය කරයි.
තවද, තම බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් කෙටි පණිවුඩ වැනි එසැණින් ගනුදෙනු සම්බන්ධ තොරතුරු දැනුම්දීමේ සේවා සක්‍රීය කරගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනු ලබන අතර, මෙම කෙටි පණිවුඩ සම්බන්ධතාව මගින් මහජනතාවගේ ගිණුම් භාවිත කරමින් සිදුවන ඕනෑම වංචනික ක්‍රියාවක් පිළිබදව ක්ෂනිකව මහජනතාව දැනුවත් වනු ඇති බවද වැඩිදුරටත් දන්වා සිටියි.
- ෂමිල පෙරේරා
0 Comments