ඝාතනය කොට එල්ලුවාද? එසේ නැතිනම් එල්ලී සිය දිවි නසා ගත්තාද? යන්නවත් ගැහැණියෙක්ද පිරිමියෙක්ද යන්නවත් හඳුනාගත නොහැකි තරමට නරක් වී දියවී ගිය මළ සිරුරක් බටහිර උඩුගොඩ වන ගත ඉඩමක් තුළ ගසක එල්ලෙමින් තිබියදී පෙරේදා (02) පස්වරුවේ නිට්ටඹුව පොලිසියට හමු වී ඇත. 35I/ඒ, බටහිර උඩුගොඩ ග්‍රාම නිලධාරීණි දර්ශනී ගුණවර්ධන මහත්මියගේ දැනුම් දීමකට අනුව නිට්ටඹුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති
ඒ මහතාගේ නියමය පරිදි පොලීසිය විසින් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර වතුපිටිවල මූලික රෝහලට රැගෙන යනු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණයේ වෛද්‍ය වාර්තාව අනුව තීරණයක් දෙන බව ද හදිසි මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කළේය. 351 උඩුගොඩ ග්‍රාම නිලධාරීනී සුජානි සමරසිංහ මහත්මිය ද මූලික පරික්ෂණ කටයුතුවලට පොලීසියට සහාය වූවාය. රෑ බෝ වී තිබූ අවස්ථාවේ මළ සිරුර බිමට ගෙන වන ගත ප්‍රදේශයෙන් ඉවතට ගැනීම සඳහා උඩුගොඩ ග්‍රාමය සේවා වසම් දෙක්ම තරුණ පිරිස් විශාල සහයෝගයක් ලබා දී ඇත.
0 Comments