
අද (04) සහ හෙට (05) යුක්රේන සංචාරක කණ්ඩායම පොළොන්නරුවේ සහ සීගිරියේ සිදුකිරීමට සැලසුම් කර තිබූ සංචාරයන් තාවකාලිකව අත්හිටුවා තිබෙයි.
ඔවුන් අද (04) පස්වරුවේ පොළොන්නරුව සංචාරක කලාපයේත් හෙට (05) දිනයේ සීගිරිය සංචාරක කලාපයේත් සංචාරය කිරීමට සැලසුම් කර තිබුණ අතර මේ හේතුවෙන් දේශීය සංචාරකයින්ට එම දෙදින එකී කලාප තහනම් කර තිබුණි.
කෙසේ වෙතත් මින් ඉහත යාල සෆාරි ගිය එම පිරිසට සේවා සැපයූ සංචාරක රියදුරන්ට එක්වරම නිරෝදායනය වන ලෙස දන්වා තිබීම නිසා කලබගෑනියක් ඇතිවූ අතර මේ හේතුවෙන් යුක්රේන ජාතිකයින් හා ඉදිරි දිනවල කටයුතු කරන්නට සිටි සංචාරක ක්ෂෙත්‍රයට අදාල පිරිස් ඔවුන් හා ගැටීමට මැළිකමක් දක්වන ප්‍රතිචාර දක්වා තිබුණි.
සංචාරක කන්ඩායමේ සැලසුම වෙනස්ව ඇත්තේ මෙම පසුබිමේය.
Comments
Post a Comment
Your comment will be visible after approval