"මාර්තු මාසයේදී කොරෝනා එන්නත ලැබෙන බව රජය පවසන නමුත් ඒ කතාව සම්පුර්ණයෙන්ම අසත්යයක්යැයිද එන්නත සැපයීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය පැනවූ ක්‍රමවේද එකක්වත් ශ්‍රී ලංකා ආණ්ඩුව මේ වනවිට අනුගමනය කර නැතැයිද" හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (16) පැවසිය. “මුලින්ම එන්නත් මිලදී ගන්නා බව දැනුම් දිය යුතුව තිබුණේ නොවැම්බර් මාසයේදී වුවද රජය අදාළ දැනුම්දීම කළේ ජනවාරි මාසයේදී බව කී වික්‍රමසිංහ මහතා එන්නත දීම සඳහා ජාතික සැලැස්ම ඇතිකර එම කාරණා අය වැයට ඇතුළත් කරන ලෙසත් අනතුරුව අදාළ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් අය වැයෙන් සියයට තුනක් වෙන් කළ යුතුව තිබූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේයයිද කීය.
මේ අතර එනත් මිලදී ගැනීම සඳහා අපනයන ක්ෂේත්රයේ මෙරටට ව්‍යාපාරිකයන්ගෙන් ඩොලර් මිලියන 10ක මුදලක් තෑගි වශයෙන් ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙන බව කී රනිල් වික්‍රමසිංහ මහතා එන්නත් සපයාගැනීමේ කටයුත්ත වෙනුවෙන් අය වැයෙන් පළමුවෙන්ම රුපියල් මිලියන විසි දහසක් වෙන් නොකර පෞද්ගලිකක අංශයෙන් හිගා කෑම නිදහස් සෞඛ්‍ය සේවය සුරකින රජයක යුතුකම නොවේ යයිද සඳහන් කළේය. ව්‍යාපාරිකයන් මුදල් දෙන්නේ නම් ඔවුන්ට ස්තූතිවන්ත විය යුතු අතර ඒ මුදල් යෙදවිය යුතුව ඇත්තේ කොරෝනා හැදුණු අයට මීට වඩා පහසුකම් දීම, තවත් උපකරණ දීම ආදී කටයුතු සඳහා යයිද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුවේ කොරෝනා මර්දන වෑයම අසාර්ථක බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මීට වඩා ඇස් ඇර ක්‍රියා කරන ලෙස පාර්ලිමේන්තුවටද පවසන බව සඳහන් කළේය. මෙලෙස සහයෝගයක් තිබෙන අවස්ථාවේ දි එක එක්කෙනාගෙන් හිගා කන්නේ නැතිව රටට සත්‍ය කරුණු කියා සියලුම දෙනාගේ සහයෝගය ලබාගෙන වැඩ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ රජයක් තිබුණේ නම් ක්‍රියා කරන්නේදැයි තරුණයකු මතු කළ ප්‍රශ්නයකට සිනහසෙමින් හාස්‍යයෙන් පිළිතුරු දුන් හිටපු අග්‍රාමාත්‍යවරයා “වෙලාවට අද රජයේත්, පාර්ලිමේන්තුවෙත් නැතැයි" කීවේ සංවාදයට සහභාගීවූවන්ගේ සිනහ මැදය.
-අංජුල මහික වීරරත්න-
0 Comments